ආචාර ධර්ම බිහි වීමේ ඉතිහාසය දෙස අවධානය යොමු
කිරිමේදී ඈත අතීතයට දිව යයි. මුල් කාලීන
සාමාජයේදී ලියවිල්ලක සදහන් නොවුනද ඔහුන් විශ්වාසයන් ලෙස ඒවා පවත්වා ගෙන එනු ලැබීය.
මේ විශ්වාසයන් ඔහුන් තහංචි නමින් හදුනවන් ලැබීය. ඒවා පොදු එක`ගතාවය මත ඇති
කර ගත් ඒවා විය. උදාහරණ ලෙස කුල ක‍්‍රමය හා විවාහය හදුන්වා දිය හැකිය. මේ
සංකල්පයන්ගෙන් මිදී මෙම සංකල්පයට වාරණය නැතිනම් ආචාර ධර්ම යන භාවිතයට ගනු ලැබුවේ ග‍්‍රීක
දාර්ශනික ඇරිස්ටෝටල්ගේ කාලය තුළය. ඔහු විසින් යුක්තිය අයුක්තිය හො`ද නරක පිළිබ`ද විස්තර කරන
සදාචාර විද්‍යාවක් සොයා ගනු ලැබීය.
ඇමරිකානු සමාජයේදී තනි රීලයේ චිත‍්‍රපටයක
සිප ගැනීමේ දර්ශනයක් නිසා මාධ්‍ය සදහා ආචාර ධර්ම බිහි වීඹට හේතු වී ඇත“May
Irwin Kiss April 1896 Edison’s Black Maria Studio”. සන්නිවේදන
අවශ්‍යතා සදහා ජනමාධ්‍ය බිහි වීමෙන් පසු තොරතුරු මුලාශ‍්‍ර නිරවද්‍යතාවය සහ
ඉදිරිපත් කිරීමේ ක‍්‍රමෝපායන් පදනම් කරගෙන මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් බිහි විය.
මීට හේතු වී ඇත්තේ මිනාසාගේ තොරතුරු අවශ්‍යතාව වැඩි වන විට කුමන හෝ මාර්ගයකින්
තොරතුරු ලබා ගැනීමට පෙළබෙන අතර එනිසාවෙන් ජනමාධ්‍යන් විමසීමෙන් තොරව තොරතුරු ලබා
දීමට පෙළබේ. එනිසා ලෝකයේ ජන මාධ්‍ය ආයතන ක‍්‍රමවත් ලෙස තොරතුරු පිට කිරීම සදහා ක‍්‍රමෝපායක්
ලෙස ආචාර ධර්ම හදුන්වා දෙනු ලැබීය. 1920 මැද භාගයේදී ජනමාධ්‍ය
ආචාර ධර්ම ගැන මුලින්ම සදහන් වන්නේ ජාත්‍යන්තර කම්කරු වාර්තාවෙහි ය. මෙසේ ලෝකය
පුරා මාධ්‍ය ආචාර බිහි වීම ආරම්භ වීම සිදු විය.
උදාහරණයක් ලෙස ඕනෑම ආයතනයක් සතුව ආචාර ධර්ම පද්ධතියක් ඇත. එය
ඔහුන්ගේ වෘත්තිය පවත්වා ගෙන යාමට හා වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගැනීමට හේතු වේ.
වෛද්‍ය සඩාවක් ගත් විට ඔහුන්ට ආවෙනික ආචාර ධර්ම පද්ධතියක් ඇත.ඒ අනුව මාධ්‍යවේදීන්ට
ද ඔහුන් සතුව ද ආචාර ධර්ම පද්ධතියක් පැවතීම වටී යැයි හැගී යාම නිසා ඔහුන් ආචාර
ධර්ම පද්ධතියක් හදුන්වා දීමට ශ‍්‍රී ලංකාව ද කටයුතු කරනු ලැබීය.
ශ‍්‍රී ලංකාවේ
ජනමාධයවේදීන් විසින් ද ඔහුන්ගේ වෘත්තිය ගරුත්වය රැුක ගැනීමට ආචාර ධර්ම බිහි කර ගනු
ලැබීය. 1990 මුල් කාලයේ
දී පමණ ආචාර ධර්ම පිළිබ`ද දැනගත
හැකියි. එහිදී පහත සාධකයන් සමකාලීන සමාජයට අනුව වෙනස් වේ. එනම්
01 මූලාශ‍්‍ර
02 නිරවද්‍යතාව
03පෞද්ගලිකත්වය
04 පිළිතුරු දිමේ අයිතිය
තවද එක් එක්
ජනමාධ්‍යයට විශේෂව මාධ්‍ය ආචාර ධර්ම බිහි කර ගනු ලැබ ඇත. ඔහුන් ඉහත කරුණු 4 කෙරෙහි අවධානය යොමු කර සකස් කර ඇත. ලංකාවේ
ජනමාධ්‍ය අතරින් වැඩි ප‍්‍රමාණයක් පුවත්පත් භාවිතා කරයි. එනිසා පුවත්පත් සදහා බිහි
වී ඇති ආචාර ධර්ම ලෙස
-පුවත්පත් මණ්ඩලය
-ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම
-ඔම්බුස්ට්මන්වරු
-පිරික්සුම් ලයිස්තුව
මීට අමතරව
රූපවාහිනි සදහා රූපවාහිනී ආචාර ධර්ම හා ගුවන්විදුලි ආචාර ධර්ම පද්ධතියක් දැක ගත
හැකිය.
ඒ අනුව රූපවාහිනි මාධ්‍ය ආචාර ධර්ම
විමසීමට ලක් කිරීමෙදී රූපවිහිනියේ පවත්නා ප‍්‍රබලත්වය පැහැදිලි කර ගැනීම මනාය.ආලෝක
තරංග ඇසුරු කොට ගෙන රූපය සිය ඇසට ගොදුරු කර ගැනීම තුළ මිනිස් මනසේ පරිකල්පනය
උත්පාදනයට අත්‍යවශ්‍ය සාධකයකි. මෙහිදී හ`ඩය ලැබෙන්නේ ද්වීතීයස ස්ථානය වන අතර රූපය
අද්වීතිය වේ. ඒ අනුව රූපය හා හඩ එකතු වූ විට ඇතිවන සන්නිවේදනය ඉතා ප‍්‍රබල
වේ.රූපවිහිනිය වූ කලී සමාජයේ ප‍්‍රබල තොරතුරු සම්පේ‍්‍රෂණ මාධ්‍යයක් වන හෙයිනි.
එනිසාම රූපවිහිනියේ පවත්නා අපක්ෂපාතීත්වය හා මධ්‍යස්ථභාවය ගැන සැලකිලිමත් වි
යුතුය. මෙහිදී විශේෂයෙන් සමාජයේ පොදු ස්වභායුවයද හදුනා ගැනීම යෝග්‍ය වේ.එය
රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනයටද වැදගත් වේ. එනම් යහපත අයහපත ලෙසත් අයහපත යහපත
ලෙසත් දැකීම සමාජය තුළ ප‍්‍රකට න්‍යායකි.
එනම් මෙවැනි පසුබිමක යහපත් සමාජයක් ගොඩ නැගීමට රූපවාහිනියට වැඩි ශක්‍යතාවක්
ඇත. සමාජය යම් දෙයකට පෙළඹවීමේ හැකියාව රූපාවාහිනිය සතුය. එනිසා රූපවාහිනි
අන්තර්ගතය සැකසීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතය. විශේෂයෙන් ආචාර ධර්ම අනුගමන
කිරීම වැදගත්ය.
ඒ අනුව රූපවාහිනි මාධ්‍ය සදහා ශ‍්‍රී
ලංකාවේ ඇති ආචාර ධර්ම පද්ධතිය හදුන්වා දෙනු ලැබුවේ රූපවාහිනි මාධ්‍ය ආරම්භයේදීම
නොවේ. 1982 දී රුපවාහිනී සංස්ථා
පනත අඩංතු යම් යම් කරුණු රූපවාහිනී අරම්භයේ මුල් කාලයේ ආචාර ධර්ම ලෙස පිළිගනු
ලැබීය.
ඒ අනුව එහි අඩංගු වූ කරුණු ලෙස ප‍්‍රවෘත්ති
ඉදිරිපත් කිරීමේ අපක්ෂපාතී විම හා ජාතීන් හා ආගම් අතර භේද ඇති වන වැඩසටහන්
විශේෂාංග හෝ ප‍්‍රවෘත්ති ඇතුළත් නොකළ යුතු ය. ශ‍්‍රී ලංකාව හා මිතුරු රටවලට අහිතකර
වන ලෙස කරුණු ඉදිරිපත් නොකල යුතු ය. නමුත් මෙය රජයේ රූපවාහිනි නාලිකාලවට අදාළ
නොවීය. තවද මෙම පනතයම පාලනාධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ නියෝග මාර්ගෝපදේශ
නිකුත් කිරීමේ බලය පවතින අතර ඒවා ආචාර ධර්ම ලෙස ද පිළිගත හැකිය. 1988 දී හා 1993 දී මේවා
ඇතුලත් කර නිකුත් කරනු ලැබූ පොතක් ද වේ. එහි ඇතුළත් තොරතුරු වන්නේ අවමංගල්‍යය සමාගම්වල දැන්වීම් ඖෂධයන් පිළිබද හා
ජොතිත්‍යෂ කරුණු ඇතුළත් කිරිමේදී වගකීමෙන් සිදු කල යුතුයි.මේ පොතේ අඩංතු කරුණු ඒ
වන විට ආරම්භ කර තිබූ පෞද්ගලික නාලිකා වෙළද දැන්වීම් බොාහා් ප‍්‍රමාණයක් ලබා ගෙන
තිබූ නිසා වෙළධ දැන්වීම් ආයතනලවලට මෙම කෘතියේ අඩංගු යම් යම් කරුණු යවනු ලැබීය.
එමගින් පෞද්ගලික නාලිකාවලට ද බලපානු ලැබුවද පසුව එම නාලිකා විසින්ම ඇති කර ගනු
ලෑබූ ආචාර ධ්ර්ම පද්ධතියක් දැක ගත හැකිය. උදාහරණ ලෙස සිරස ටී වී ආයතනය සතුව පවතින
බව පවසයි. එසේම සෑම නාලිකාවක් සතුවම නිරීක්ෂණය කිරීම සදහා නිලධාරියෙකු පත් කර ගනු ලැබීය. ඔහු විසින් නිරීක්ෂණය
කිරිමේදී තාක්ෂණික තත්ත්වයන් හා ගුණාත්මක
තත්්ත්වයන් කෙරෙහි පමණක් අවධානය යොමු කරතැයි
විශ්වාස කළ හැකිය. ඔහුන් රටේ පවතින නීතිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු
ඇතැයි විශ්වාස කල නොහැකිය. මේ අනුව ශ‍්‍රී ලංකාවේ රූපවාහිනිය කෙරෙහි හදුන්වා දී
ඇති ආචාර ධර්ම පහත පරිදි පෙළ ගැස්විය හැකිය.
-ශ‍්‍රී ලංකා ජාතික රූපවාහිනි පනත
-ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතෙහි 30 (1*වගන්තිය යටතේ
අති විශේෂ ගැසට් නිවෙදකයකින්
-1981 ඔක්තෝබර් 14 දින ප‍්‍රකිශිත ආචාර
ධර්ම පද්ධතිය
-1982 ජනවාරි 22- Code of Advertising Standard and
Practice
-1986 සැප්තැම්බර් 16 - Programe Code
-2003 අගෝස්තු Code of Conduct
-2004 සැප්තැම්බර් 03 - ටෙලි නාට්‍ය
හා සංගීත වැඩසටහන් පිළිබද ප‍්‍රමිති හා තත්ත්ව පාලනස්වභාවයන්
මීට අමතරව
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති ආමාත්‍යාංශය මගින් ජනමාධ්‍ය ආචාර ධර්ම සංග‍්‍රහය නමින්
කෙටුම්පතක් සකස් කර ඇති අතර එය පොදුවේ සියලූම මාධ්‍යයන්ට ආදාළව සකස් කර ඇත. එනම්
නව මාධ්‍යයන්ටද ආදාළ වන ලෙස සකස් කර ඇත. මෙසේ ආචාර ධර්ම බිහි කර ගෙන ඇති නමුත්
වර්තමාන ජනමාධ්‍ය ඒවා පිළිපදින්නේද යන්න ගැටලූවකි. විශේෂයෙන් රූපවාහිනි නාලිකා ඒවා
අනුගමනය කරන්නේ ද යන්න විමසා බලමු.
රූපවාහිනිය
මෙරට හදුන්වා දෙනු ලබන්නේ අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර දීමේ අභිප‍්‍රායෙනි. නමුත්
පසුව පෞද්ගලික නාලිකා බිහි විමෙන් පසු එම තත්ත්වය තවදුරටත් වෙනස් විය. අද වන විට
රූපවාහිනිය මිනිසුන්ට නැතිව බැරි උපකරණයක් බවට පත් වී ඇත. ඔහුන් ආහාර ගන්නේ ද නින්දෙන් අහැරෙන්නේද
රූපවාහිනියේ තිබෙන හෝ තිබූ දෙයක් ගැන සිහියේ තබා ගෙනයි. ඒ තරමටම රූපවාහිනිය ඔවුන්ට
සමීප වී ඇත. මෙතරම් ජනතාවට සමීප රූපවාහිනිටම ආවේණික ආචාරධර්ම පද්ධතියක් නොතිබුනත්
පුවත්පත් මණ්ඩලයේ ආචාරධර්ම පද්ධතිය අනුගමනය කල යුතු බව පිළිගැනීමයි. මෙරට 20ක් පමණ රූපවාහිනි නාලිකා අතරින් සියල්ල්ම පාහේ ප‍්‍රවෘත්ති
විකාශය කරනු ලබනවා. ඒවා අතරින් නාලිකා කිහිපයක් පමණක් ආචාර ධර්ම පිළිපැදීමට උත්සාහ
ගන්නා ආකාරයක් දුටුවද ඔවුන් ද සියයට සියයක් ආරක්ෂා කිරීමට ඔවුන්ට හැකි වී නැත.
විශේෂයෙන් අපරාධ සිදුවීම් වාර්තා කරනයේදී මෙම ආචාර ධර්ම බිද දැමීම සිදු වෙනවා. ප‍්‍රවෘත්ති
කතාවක් ආකාරයට ඉදිරිපත් කරන ලබන සමහර නාලිකා මරණය සිදුවන ආකාරය ඒ ආකාරයෙන්ම
පෙන්වනු ලබනවා. උදාහරණයක් පසුගිය කාලයේ තරුණයෙකු දුම්රියට පැන සිය දිවි නසා ගැනීම
ඔහු විඩියෝ කර තිබූ අතර එය එලෙසම සමහර නාලිකා තුළ විකාශය කරනු ලැබුවා. එසේ විකාශය
කරන ඔවුන් සත්‍ය පුවත් ගෙන ඒම මෙන්ම තරගකාරී මාධ්‍ය ලෝකයේ තම ස්ථානය රැුක ගැනීමට
දරන ප‍්‍රයන්තයක් ලෙස දැකිය හැකියි. එසේම
ඝාතනයක් හෝ අපරාධයක් සිදු වූ විට විශේෂයෙන් වයස 16 අඩු අයගේ අනන්‍යතාව
හෙළි නොකළ යුතුයි. නමුත් මහත් ආන්දෝනයකට තුඩු දුන් සේයා දැරියගේ ඝාතනය මාධ්‍ය
වාර්තාකරණයේදී ඇය නැවත වතාවක් මාධ්‍ය තුළින් ඝාතනය කරනු ලැබුවා. එවැනි කනගාටුදායක
සිද්ධීන් ද මේ මාධ්‍ය ආචාර ධර්ම පිළිනොපැදීම නිසා සිදු වේ. ඒ වගේම වෙළද දැන්වීම්
හා ටෙලි නාට්‍ය විකාශය කිරීම තුළ ද ඒවාට ආවේණික වූ ආචාර ධර්ම කඩ කරන බව මනාව
පැහැදිලි වේ. 1982 වෙළද
දැන්වීම්වලට අදාළව නිකුත් කරනු ලැබූ ආචාර ධර්මයන්ට අනුව ඝෝෂාකාරී සංගීතය යොදා
ගැනීම, අනෙකුත්
වැඩසටහන්වලින් වෙළද දැන්වීම් හදුනාගත හැකි තත්ත්වයේ පැවතීම, ත්‍යාග ආදිය
ලබා දෙන බව නොපෙන්විය යුතුය ආදි කරුණු
ගණනාවක් ඉදිරිපත් කරයි. නමුත් වර්තමානයේ වෙළද දැන්වීම් නිර්මානකරණයේදී ආචාරධර්ම කෙතරම් දුරට අනුගමනය
කර ඇද්ද යන්න වෙළද දැන්වීම් නරඹන ඔබට වැටහෙනවා ඇති. ඝෝෂාකාරී සංගීතය නැත්තේ කුමන
වෙළද දැන්වීමේද යන්න ගැටලූවක් මතු වනවා නොවේද? එසේ නම් පැවසිය යුත්තේ වර්තමානයේ වෙළද
දැන්වීම් ආචාර ධර්ම අනුගමනය කරන්නේ ද යන්න ගැටලූවක් මතු වන බවයි . ඔවුන් තම වෙළද
අරමුණ සාක්ෂාත් කරගැනීමේ මහා ප‍්‍රයත්නයක නිරත වනවා මිස ආචාර ධර්ම ගැන අවධානය යොමු
කර නොමැති බවයි .
ටෙලි නාට්‍ය ද
තුළ ද ආචාර ධර්ම අනුගමනය කිරීමක් දැක ගත නොහැකියි. හේතුව වන්නේ වර්තමානයේ පවතින්නේ
ඉන්දියානු නාට්‍ය සිංහලෙන් හඩ කවා විකාශය කිරීමකි. කෙසේ වුවත් එම නාට්‍ය ඉන්දියානු සංස්කීෘතියට
අනුව නිරිමාණය කර ඇති නිසාම මෙරට සංස්කෘතියට එය අලූත් දෙයක් වගේම ඒවායේ ආචාර ධර්ම කොහෙමෙත්
අනුගමනය කිරිමක් අපේක්ෂා කල නොහැකියි.
මාධ්‍ය ආචාර ධර්ම සේම එම ටෙලිනාට්‍ය මෙරට
සංස්කෘතියට ද කරන්නේ ප‍්‍රබල බලපෑමකි. තරගකාරී ආර්ථික රටාවක නිරතව සිටින
මාධය ආයතන හිමිකරුවන් ලාභ අපේක්ෂාව පමණක් සිතයිග ්‍යම් ප‍්‍රමාණයකට හෝ පුවත්පත්
මාධ්‍ය ආචාර ගරු කිරීමට උත්සාහයක් දරනා බව සදහන් කල යුතුයි. නමුත් ඔහුන්ද කඩ කරන
අවස්ථා නැතිවාම නෙවේ.