ජිවිතේ......... මහා පුදුමාකාරයි..........
හිත හුගක් දුර ගිහින් නැවතුනා
මහ පුදුම තැන
මම පුදුම වෙලා වගේ බලාන උන්නා
ඔහු ඇවිත් මා සොයන්
මට එන්නට කියා අඩ ගසනවා ඔහු
මට යන්නම කියලා මගෙ හිත කියනවා
ඒත්.....................
මට බයයි මම ඔහුට බෑ කිව්වා
ඔහු කියනවා ඔහු ළගට එන හැමෝම එහෙම කියනවා කියලා
එහෙම කියලා ඔහු මං දිහා අහිංසක විදියට බැලූවා
මට බෑ කියන්නම හිතුනේ නෑ
මම ඔහු ළගට ගියා
හරි අමුතුයි ඔහුගේ ලෝකය
ඔහු පසුවයි පැවසුවේ ආයේ මට
ඔයාලව බලන්න එන්න බෑ කියලා
මම ඒ වෙලාවෙනම් හොදටම ඇඩුවා
ඒත් මොනව කරන්න ද
මට වැටහුනා
මං ඔයාලගෙ ළග හිටපු කාලේ ඉවරයි
දැන් ඉන්න වෙන්නෙ
මේ ලෝකයෙ කියල දැනුනා
ජීවත්වෙන හැමෝටම අවසානේ
මෙහෙම වෙනවානෙ කියල
මම හිත හදා ගත්තා
No comments:
Post a Comment