සිත්ගත් තැන්

සුන්දරත්වය සොයා යන්නට......................









ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන මේ පුංචි දිවයිනේ සොබාව ධර්මයා විසින් නිර්මාණය කරන ලද සිත් වසඟ කරවන සුළු නමුත් එතරම් ප‍්‍රසිද්ධියක් නොඋසුලන තැන් කොපමණ නම් තියනවද කියල හිතෙන්නේ සමහර අපුරු ස්ථාන  දැක්කම තමා. එවැනි තැනක් ගැන කියන්නයි මම මේ සැරසෙන්නේ. මාතලේ දිස්ති‍්‍රක්කයේ පිහිටා තිබෙන ඇල්කඩුව වැවිලි සමාගමට අයත් භූමි ප‍්‍රදේශයක මනරම් තැනක් ගැනයි මේ කියන්න යන්නේ. නමින් සෙම්බු වත්ත ලෙස හැදින්වෙන මේ ප්‍රදේශය කඳුකර තේ වතුයායකින් හා  රූස්ස ෆයිනස් වනාන්තරය හා මධ්‍ය සොබා අලංකෘත වූ අඩි 35 ගැඹුරැති ,සෙම්බුවත්ත වැව, එම ප‍්‍රදේශයේ සංචාරකයන්ගේ හදබැඳගනිමිට සමත් වේ.  









යටත්විජිත සමයේදී ඉංගී‍්‍රසීන් මෙහි තේ වගාව ආරම්භ කළ අතරල වැව අවට ප්‍රදේශයේ එකළ සුදු ජාතිකයන්ගේ පෝලෝ ක්‍රීඩාංගණයක් ලෙස භාවිත කර තිබේ. නමුත් සෙම්බුවත්ත වතුයායට යාබදව 1949 වසරේදී තේ කම්හලක් ඉදිවූ අතරල එයට විදුලිය ලබාගැනීමේ අරමුණෙන් පෝලෝ කී‍්‍රඩාංගණය තුළ වැවක් නිර්මාණය කර තිබේ.එම තේ කම්හල වසා දමා මේ වනවිට වසර 20 ක් පමණ  ජක් අතර අදටද ඒ අවට ප්‍රදේශයට විදුලිය ලබා ගන්නේ මේ වැවෙනි. මෙම තේ කම්හල අසල තිබූ ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වූ අතර එම සෙම්බුව රැගෙන වතුයාය අනුයුක්තව සේවය කළ කංකානි ඉන්දියාවට පලා ගොස් ඇතැයිද ඔහුගේ පුත් ජල උල්පත තිබූ තැන කෝවිල කරවා ඇතැයිද ජනප්‍රවාදවල සඳහන් වේ. මෙයට සෙම්බුවත්ත යන නම වැටී ඇත්තේ ඒ අයුරින් බවද පුරාවෘත්ත සාක්ෂි සපයයිග මේ වන විටද සෙම්බුවත්තනැරඹීමට පැමිණෙන සංචාරකයන්ට එම කෝවිලේ නටබුන් දැකගැනීමට අවස්ථාව ලැබේ.

සෙම්බුවත්ත එහි ජීවත්වන්නන්ට පමණක් සීමාවීම වලක්වමින්  2005 වසරේදී මෙම වතුයාය භාරව කටයුතු කළ වතු අධිකාරී රැඩ්ලි දිසාගේ මහතාගේ සංකල්පයකට අනුව ක‍්‍රම ක‍්‍රමයෙන් සෙම්බුවත්තවැව සහ ඒ අවට ප‍්‍රදේශය නිසි ආකාරයෙන් නඩත්තුකොට වැව අවට ගිම්හාන කුටි සහ නාන තටාකයක් ඉදිකර මෙම ස්ථානය සංචාරකයන් අතර ප‍්‍රචලිත කිරීමට කටයුතු කර ඇත. පසුව මෙම ස්ථානය නැරඹීමටල විනෝද වීමට පැමිණෙන දෙස්- විදෙස් සංචාරකයන්ගෙන් යම් අයකිරීමක් කර ඉන් ලැබෙන ආදායම මෙහි නඩත්තු කටයුතු සඳහා යොදවා තිබේ. මේ වනවිට වැව අවට ගිම්හාන කුටි 10 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර තිබෙන අතර අවශ්‍ය නම් රාත‍්‍රියක් ගත කිරීමටද වෙන්කර ගත හැකිය. තවද ළමුන්ට කී‍්‍රඩා කිරීම සඳහා වෙනම ස්ථානයක් ඉදිකර තිබෙන අතර එම පරිසරයේ අසිරිය නැරඹීමට අවශ්‍ය පුද්ගලයින්ට වැව වටා යාම සඳහා මේ වන විට එහි බෝට්ටු සේවාවක්ද ආරම්භ කර තිබේ. රාති‍්‍රය ගත කිරීම සඳහා නිවාඩු නිකේතනයක් තිබෙන අතර එය මීට පෙර මෙම නිවාඩු නිකේතනය ,සෙම්බුවත්ත, සහකාර වතු අධිකාරිවරයාගේ නිලනිවස ලෙස භාවිත කර තිබේ.

 මෙම ප්‍රදේශය ටෙලිනාට්‍ය මෙන්ම රූප රචනා සඳහාද යොදා ගන්නා මනරම් වූ දසුන්වලින් ශ්‍රී ලංකාවේ ඇති සුන්දරම ස්ථානයක් බව කිව යුතුමය. මෙහි එන බොහෝ විදේශිකයන් මෙරටට ඒමට පෙර සිටම ඔවුන්ගේ සංචාරයේ එක් අංගයක් ලෙස අන්තර්ජාලය ඔස්සේ මෙම ස්ථානය තෝරාගනු ලබන්නට තරම් මේ ස්ථානය පිළිබද සංචාරකයින්  දැනුවත් බාවයක් ඇත.මහනුවරට පැමිණෙන අයෙකුට කටුගස්තොට පසුකර වත්තේගම හරහා ඇල්කඩුවට පැමිණීමෙන් සෙම්බුවත්තට ළඟාවිය හැකි අතර මාතලේ සිට පැමිණෙන අයෙකුට උකුවෙල හරහා ඇල්කඩුවට පැමිණීමෙන් මේ ස්ථානයට ලග විය හැකිය.

No comments:

Post a Comment