ජපානය සංවර්ධනයේ යෝධ
පියවර තබමින් ඉදිරියට යන රටක් ලෙස හදුනා ගෙන තිබෙනවා.විශේෂයෙන් ජපානය තාක්ෂණය
අතින් ප්‍රබල රටක් ලෙස හදුනා ගත හැකියි. ඒ සමාන ලෙසම ඔවුන්ටම අවේණික වූ විශිෂ්ට
සංස්කෘතියක් හිමි වෙලා තිබෙනවා.ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැලකුවද ජපන්
ජාතිකයන් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රී
ලංකාව තුළද අද වන විට ප්‍රචලිතව ඇත.
ජපන් සංස්කෘතිය පිළිබද විමසීමේදී සම්ප්‍රදායික
ආසියානු සංස්කෘතිය හා බටහිර නවීන සංස්කෘතියේ සංකලනයෙන් බිහි වූ ඔවුන්ටම අවේණික
සංස්කෘතික රටාවක් හිමිය.
ඒ අනුව ජපානයේ සම්ප්‍රදායික සන්ස්කෘතිකක නාට්‍යය
සදහා විශේෂ වැදගත්කමක් හිමි වේ. සම්ප්‍රදායික නාට්‍යය
අතර කබුකි, නෝ,ක්යෝගෙන් හා බුන්කුර
වේ. 17 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී ආරම්භ
වූ කබුකි නාට්‍ය ,රංගන ශිල්පීන්ගේ ලාලිත්‍යමය වූ කතා විලාශය, නෙත් ඇදගන්නා සුළු
ඇදුම් ආයිත්තම් හා රුපලාවන්‍ය උපක්‍රම මෙන්ම වේදිකාවේ රංගනය තීව්ර කිරීමට යොදා ගන්නා කාර්මික ක්‍රමොපයන්ගෙන්ද සමන්විත් වන අතර මෙහි විශේෂත්වය වන්නේ ගැහැණු
චරිත පවා පිරිමි අය රග දැක්වීමයි. නෝ නාට්‍ය
පැරණිම සංගීත නාටක ක්‍රමයක් වන අතර නාට්‍ය සදහා දෙබස් පමණක් නොව ගායනය,
සංගීතය නැටුම් ද ඇතුලත් වේ. මේ නාට්‍යවල දි වෙස් මුහුණු පැලදීම විශේෂත්වය වේ.
ක්යෝගන් සම්ප්‍රදායික විකට නාට්‍ය විශේෂයකි.මේ නාට්‍යවල ක්‍රියා හා දෙබස් විශේෂ ශෛලියකට අනුව රග දැක්වේ.
නෝ නාට්‍ය අතරතුර මේ නාට්‍ය රග දැක්වුවත්
දැන් දැන් ක්යෝගන් නාට්‍ය පමණක් ප්‍රදර්ශනය කරන අවස්ථාද තිබේ. බුන්කුර 16 වන ශත වර්ෂයේ අග භාගයේ ජනප්‍රිය වූ රුකඩ
නාට්‍ය විශේෂයකි.
තේ සංග්‍රහ උත්සව සහ
ඉකෙබන වැනි වෙනත් සම්ප්‍රදායික කලා අද ජපන් ජන ජිවිතයේ සජීවී අංග බවට පත්ව ඇත. තේ
පානොත්සවය අමු තේ කොළවලින් තේ සාදන පියවර
කිහිපයකින් යුත් සංග්‍රහයකි. මෙය ‘‘සදෝ’’ නමින් හැදින්වේ.මෙම චාරිත්‍රය තේ සැදීමට
වඩා සංකීර්ණ කටයුත්කි.දැනුම හා සංවේදී බව ඉතා පුළුල් පරාසයක දිවෙන උසස් කලාවකි.
සදෝ මගින් ජිවිතයේ පරමාර්ථ මෙන්ම සොබාදහම අගයකිරීමද ප්‍රගුණ කෙරේ. ශතවර්ෂ 7ක් පමණ
කාලයක් තුල විකාශය වූ ජපන් භාෂාවෙන් ‘’ඉකෙබානා’’ ලෙස හැදින්වෙන අතර ආරම්භය පැරණි
බෞද්ධ මල් පුජා කිරීමේ සිරිත හා බැදී ඇත. මෙහිදී සිදුවන්නේ
හුදෙක් සැරසිලි සදහා මල් පාවිච්චි කිරීම නොවන අතර එක් එක් සැරසිල්ලට යොදා ගන්නා
පැළෑටි කොටස් ගන්න භාජනය ,මල් කොළ හා අතු ඉති සැරසිල්ල තබන ස්ථානය පිළිවෙල හා ඍතු
වෙනස්කම් ආදී මේ සාම අංශයක්ම සැලකිල්ලට ගෙන සැරසිමයි.
ජපන්
ආහාර රටාවටද විශේෂ වැදගත්කමක් හිමි වේ. සාමානයෙන්
ජපන් කෑම වේලකටම තැම්බූ සුදු බත් සමග ප්‍රධාන වශයෙන් මස් හෝ මාළු හා මිට
අමතරව පිසින ලද එළවළු හා මිසො නම් සුප් වර්ගයක් හා අච්චාරු මෙන් සැකසු එළවළු අඩංගු
වේ. බත් ඇලෙනසුලු නිසා ‘‘හෂී’’ නම් ලී කෝටුවලින් කෑමට ගනු ලබයි.වර්තමාන ජපන් ජනයා යුරෝපය
,උතුරු ඇමෙරිකාව හා ආසියාව වැනි ලොව පුර
රටවල කෑම වර්ග ආහාරයට ගනිති. කෑමට පෙර ජපන් ජනයා ‘’ඉතදකිමසු’’ යයි කියනු ලැබේ. ‘’මේ
කෑම පිලිගන්නවා’’ යන තේරුම ඇති මෙය, කෑම වේල සකස් කිරීමට එක් වූ සැමට ස්තුති
කිරීමකි. කෑමෙන් පසුවත් ඉතා හොද කෑම වේලක් යන තේරුම ඇති ‘’ගොවිසෝ සමදෙශිතා’’කියා
නැවත ස්තුති කරයි. සශුම් සුෂී තෙන්පුර ඔවුන්ගේ ආහාර අතර ප්‍රධාන වේ.
ජපානයේ
ඇදුමට ද විශේෂත්වයක් හිමි වන අතර ඔවුන්ගේ චිරාගත ඇදුම කිමොනවයි. සාමානයෙන්
සේදවලින් සාදන ලද කිමොනවට විශාල ඇත ඇති
අතර උරහිස සිට දෙපතුල් දක්වා දික්වේ. බද වටා ඔබි නමැති පළල් පටියක් බදිනු ලැබේ.
කිමෝනෝ දැන් සාමාන්යෙන් අදින්නේ උත්සව අවස්ථාවලදී
පමණි. මේ උත්සව නම් ෂිව් ගො සාන් ,විවහොත්සව හා උපාධි උත්සව ආදියයි. එදිනෙදා ඇදුම් සදහා ලමුන් හා
තරුණ අය ටීෂර්ට් ,කලිසම් ,පොලෝ කමිස හා ක්‍රීඩා ඇදුම් වලට වැඩි කැමැත්තක් දක්වන්නේ
එම ඇදුම ඉතා පහසු බැවිණි.
සුමෝ යනු
ජපානයේ ජාතික ක්‍රීඩාවයි. දෙවියන් සතුටු කිරීම සදහා පවත්වන ලද උත්සවක් ලෙස ආරම්භ
වූ මෙය වර්තමාන වන විට ක්‍රීඩාවක් බවට පත්ව තිබේ.ශින්තෝ ආගමට අනුව කෑම, අස්වැන්න
ආදිය ලබා දෙන්නේ පොලවට අධිපති දෙවියන් සතුටට පත් වීමෙන් බවත් එනිසා දෙවියන් සතුටට
පත් කිරීම සදහා මෙම ක්‍රීඩාව පවත්වයි. මුල් කාලයේ සුමෝ ක්‍රීඩකයන්ගේ ශරීර ශක්තිය
දෙවියන්ට ප්‍රදර්ශනය කිරීම සදහා ,මෙය පවත් වූ අතර පසු කාලයේ මෙය ක්‍රීඩාවක් බවට
පත් විය. මෙම ක්‍රීඩාවේ අදියර 16ක් ඇති අතර අවසාන අදියරේදිනන පුද්ගලයා ශුරය බවට
පත් වේ. ප්‍රබල ක්‍රීඩකයින් දිනීමෙන් දෙවියන්ගේ හිත සතුටට පත් වන බවත් .එවිට
අස්වැන්න වැඩියෙන් ලැබෙන බවත් ජපන් ජාතකයන් විශ්වාශ කරයි,
ජපානයට
බටහිරින් ගෙන් ආ සංස්කෘතිය අද වන විට ඉතා ජනප්‍රියය. බොහෝ දෙන බටහිර සංගීතයට ඇලුම්
කරයි.අද වන විට සිනමාව විශාල ජයග්‍රහණ ලබා ගෙන ඇත. 1951 දි වැනිසියේ චිත්‍රපටි
උළෙලේදී අකුර කුරසෝවා ස්වර්ණ සිංහ සම්මානය ජයග්‍රහනය කල පසුව ජපන් සිනමාවට ලෝක
අවධානය යොමු විය.
No comments:
Post a Comment