අද ලෝකය පුරා විවිධ වර්ගයේ මල් වර්ග දැක ගත හැකියි. එහෙත් පෘථිවිය මත මුල්වරට පිපුණු මල පිළිබද ඔබ දැන සිටියා ද? ප්‍රංශයේ පර්යේෂකයෙකු වන හ්වේස් හා පර්යේෂක කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම පුෂ්පය හා එය නැවත ප්‍රතිනිර්මාණය කර ගැනීමට මේ වන විට සමත්ව ඇත. වසර මිලියන ගණනක සාධක සහිත සපුෂ්ෂ ශාක පවුල් 392කට අයත් පුෂ්ප 792ක් පිළිබද පර්යේෂණය සිදු කිරීමෙන් අනතුරුවයි ඔහුන් මේ පැරණිම පුෂ්පය නිර්මාණය කර ඇත. වසර මිලියන 130කට පෙර මල් පිපෙන පෘතීවිය මත ශාක ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් තිබූ බව පැවසෙනවා. ඊටත් වසර මිලියන 140කට පෙර ඕලූ මලකට සමාන පුෂ්පයක් ජලයේ බිහි වී ඇති අතර එය ද්විලිංගික සපුෂ්පික ශාකයක් බවයි පර්යේෂකයන් පවසයි. ඒ අනුව එම අසාමාන්‍ය පුෂ්පය පර්යේෂකයන් විසින් කෘතිමව නිරිමාණය කර ඇති බව හෙළි වේ. එය ඕලූ මලකට හා මානෙල් මලකට සමාන බවයි පැවසෙන්නේ. එම පුෂ්පය නිරිත දිග ආසියවේ හා ඕස්ටේලියාවේ ප්‍රථමවරට බිහි වන්නට ඇතැයි විශ්වාස කරනවා. ද්වි ලිංගික පුෂ්පයක් නිසා ලෝකයේ අනෙක් පුෂ්ප බිහි වීමට ද මෙම පුෂ්පය හේතු වන්න ඇතැයි පර්යේෂකයන් විශ්වාස කරනු ලබනවා. එය ලොව පැරණිම පුෂ්පය සේම ලොව සියලූම මල් වර්ගවල මව ලෙයසි සැලකෙන්නේ. පුෂ්පය මට්ටම් දෙකකින් යුතු වන අතර හා පුෂ්පයේ මැද රේණු සහිත වෘත්තාකාර පද්ධතියක් ද ඇති බවයි පර්යේෂකයන් පවසන්නේ. පෘතීවිය මත ගස්හට ගෙන දැනට වසර මිලියන 370ක් පමණ වන බවත් මෙම පුෂ්පය හට ගැනීම ආරම්භ වී ඇත්තේ ශාක බිහි වී වසර මිලියන 230කට පසුව බවයි පර්යේෂකයින් හෙළි කර ඇත්තේ. ඒ අනුව අද වන විට ලොව පුරා පවතින පුෂ්ප වර්ත ලක්ෂ 3 ක මුල් පුරුක ලෙස මෙම පුෂ්පය හදුන්වා දී ඇත
උපුටා ගැනීමකි.
No comments:
Post a Comment