Monday, August 7, 2017

මල්වල ආරම්භය .........

 
 
 
 
 
 
 
 
 
 
 
අද ලෝකය පුරා විවිධ වර්ගයේ මල් වර්ග දැක ගත හැකියි. එහෙත් පෘථිවිය මත මුල්වරට පිපුණු මල පිළිබද ඔබ දැන සිටියා ද? ප‍්‍රංශයේ පර්යේෂකයෙකු වන හ්වේස් හා පර්යේෂක කණ්ඩායමක් විසින් ලොව ප‍්‍රථම පුෂ්පය හා එය නැවත ප‍්‍රතිනිර්මාණය කර ගැනීමට මේ වන විට සමත්ව ඇත. වසර මිලියන ගණනක සාධක සහිත සපුෂ්ෂ ශාක පවුල් 392කට අයත් පුෂ්ප 792ක් පිළිබද  පර්යේෂණය සිදු කිරීමෙන් අනතුරුවයි ඔහුන් මේ පැරණිම පුෂ්පය නිර්මාණය කර ඇත. වසර මිලියන 130කට පෙර මල් පිපෙන පෘතීවිය මත ශාක ඉතා සීමිත ප‍්‍රමාණයක් පමණක් තිබූ බව පැවසෙනවා. ඊටත් වසර මිලියන 140කට පෙර  ඕලූ මලකට සමාන පුෂ්පයක් ජලයේ බිහි වී ඇති අතර එය ද්විලිංගික සපුෂ්පික ශාකයක් බවයි පර්යේෂකයන් පවසයි. ඒ අනුව එම අසාමාන්‍ය පුෂ්පය පර්යේෂකයන් විසින් කෘතිමව  නිරිමාණය කර ඇති බව හෙළි වේ. එය  ඕලූ මලකට හා මානෙල් මලකට සමාන බවයි පැවසෙන්නේ. එම පුෂ්පය නිරිත දිග ආසියවේ හා  ඕස්ටේලියාවේ ප‍්‍රථමවරට බිහි වන්නට ඇතැයි විශ්වාස කරනවා. ද්වි ලිංගික පුෂ්පයක් නිසා ලෝකයේ අනෙක් පුෂ්ප බිහි වීමට ද මෙම පුෂ්පය හේතු වන්න ඇතැයි පර්යේෂකයන් විශ්වාස කරනු ලබනවා. එය ලොව පැරණිම පුෂ්පය සේම ලොව සියලූම මල් වර්ගවල මව ලෙයසි සැලකෙන්නේ. පුෂ්පය මට්ටම් දෙකකින් යුතු වන අතර  හා පුෂ්පයේ මැද රේණු සහිත වෘත්තාකාර පද්ධතියක් ද ඇති බවයි පර්යේෂකයන් පවසන්නේ. පෘතීවිය මත ගස්හට ගෙන  දැනට වසර මිලියන 370ක් පමණ වන බවත් මෙම පුෂ්පය හට ගැනීම ආරම්භ වී ඇත්තේ ශාක බිහි වී වසර මිලියන 230කට පසුව බවයි පර්යේෂකයින් හෙළි කර ඇත්තේ. ඒ අනුව අද වන විට ලොව පුරා පවතින පුෂ්ප වර්ත ලක්ෂ 3 ක මුල් පුරුක ලෙස  මෙම පුෂ්පය හදුන්වා දී ඇත
 
උපුටා ගැනීමකි.
 

Friday, August 4, 2017

කටුවන ලන්දේසි කොටුව


 

 
 
 
 
 
ඌරු‍බොක්ක ඔය හා රත්ම‍ලේ කන්දෙන් මනා වූ ස්වාභාවික ආරක්ෂාවක් ලද ‍සුන්දරම භූමියකි කටුවන. එනිසාවෙන්  ලන්‍‍දේසීන් විසින් ද ස්වකීය බල‍‍කොටුවක් ඉදි කිරීමට ‍යෝග්‍ය භූමියක් ‍ලෙස මෙම භුමිය හඳුනාගෙන ඇත.  ඒ අනුව කටුවන නගර‍යේ ප්‍රා‍දේශිය ‍ලේකම් කාර්යාලය අසල පිහිටි කටුවන ‍කොටුව ලන්‍‍දේසින් විසින්  ඉදිකර ඇති කටුවන කොටුව පිලිබදවයි මේ. මෙම ස්ථානය පො‍‍ළොන්නරු අවධි‍යේ දී පළමුවන විජයබාහු රජු ද ආරක්ෂිත බල ප්‍ර‍දේශයක් ‍ලෙස ‍ ‍තෝරා ‍ගෙන ඇත. මහනුවර රාජ්‍ය සමයේ උඩරට රාජ්‍යයත්, මුහුදුබඩ ප්‍රදේශයත් වෙන් කරන වැදගත් මුර පොළක් ලෙසට සැලකුණු මායිම් ප්‍රදේශයක් වූ , කටුවන යනු හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයට අයත්  නගරයකි.
 
 
 
 
 
 
 
 
මහනුවර සිංහල රාජධානි‍යේ අගනුවර සිට මාතර දක්වා වු මාර්ගය ආරක්ෂා කර ගැනීමටත් ‍වෙ‍ළෙඳ සබඳතා ආරක්ෂා කර ගැනීමටත් ඔවුන් ‍මෙම ‍කොටුව ‍ගොඩනැගූ බව පිළිගැ‍නේ. කටුවන ලන්‍‍දේසි ‍කොටුවට සිංහල ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ‍බ්‍රොහියර්ගේ වාර්තාවල සඳහන් වේ. 1761 ‍පෙබරවාරි 08 වනදා සිංහල ‍‍සේනාව ලන්‍‍දේසි බල‍කොටුව යටත් කර ‍ගෙන ඇත.
ක්‍රි.1645 දී ඉදි කරණු ලැබ මේ වන විටත් රට අභ්‍යන්තරයෙහි ඉතිරිව ඇති එකම විදේශීය යුද බළකොටුව ලෙස ගැනෙන කටුවන බළකොටුව ලෙසද මෙය හදුන්ව දිය හැකිය. මෙම බලකොටුව හංවැල්ල හා අවිස්සාවේල්ල යන බළකොටු වලට සමගාමීව ඉදිකර ඇත.
ගාල්ල, මාතර, යාපනය, ත්‍රිකුණාමලය, කල්පිටිය ආදී වෙරළාසන්න ප්‍රදේශයන්හි ලන්දේසීන් විසින් බළකොටු ඉදිකර ඇත. ඔවුන් වෙරළ තීරයේ මෙන්ම රට අභ්‍යන්තරයේ ද සිය යුධ ශත්කිය විහිදුවා සිය බලපරාක්‍රමය තහවුරු කළ බවට නිදසුනක් ලෙස මුහුදු සීමාවෙන් සිට සැතපුම් 20ක් පමණ ඔබ්බෙහි රුහුණේ ඈත ගම්මානයක ඉදිකර ඇති කටුවන කොටුව එම අදහසට වඩාත්  හොද සාධකයකි.
ක්‍රි.ව 1645 දී ලන්දේසීන් විසින් මාතර කොටුව ඉදි කිරීමෙන් අනතුරුව මහනුවර රාජධානිය හා ලන්දේසි බල ප්‍රදේශ අතර පිහිටි කඳුකර මාර්ගය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ස්ථානයේ බළකොටුවක් ඉදි කිරීමට තීරණය කරන්නට ඇත. මාතර මුහුදුබඩ ප්‍රදේශයේ සිට සබරගමුවට යා හැකි මාර්ගයක මෙම භූමි භාගය පිහිටා තිබීම හා බළකොටුවකට ඉතාම යෝග්‍ය බවත් පෙනී යාම නිසා බව පැහැදිලිය.
කටුවන බළකොටුව පිළිබඳ ඇති ඓතිහාසික සටහන් අනුව ක්‍රි.ව 1645 දී ලන්දේසීන් විසින් ඉදිකරන්නට යෙදුණු මෙම බළකොටුව දිග පළලින් අඩි 150 ක් වන චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලකි. මෙහි ප්‍රධාන කොටු පවුර පිටතින් අඩි 20 ක් පමණ උස වන අතර එහි අභ්‍යන්තරය දළ වශයෙන් අඩි 8 සිට 12 දක්වා වෙනස් වන උසකින් සමන්විතය. ප්‍රාකාරය විශාල ගල් කුට්ටි යොදා ගනිමින් හුණු බදාමයෙන් තනා ඇත. ගොඩනැගිල්ලට ප්‍රවේශ දොරටු තිබී ඇත්තේ එකක් පමණි. එහි වම් පසින් බළකොටුව තුළ ඉතා උස් වූ ගොඩනැගිල්ලක් තිබී ඇති අතර එහි ඔරලෝසුවක් ද සවිකර තිබී ඇත. එය යුද්ධෝපකරණ ගබඩාවට ඉහළින් දර්ශනය වූ බවත් කොටුවේ ප්‍රාකාරයට යාබදව දකුණු පසින් ප්‍රධාන අණ දෙන නිලධාරියාගේ නිල නිවස පිහිටා තිබූ බවත් කටුවන බළකොටුවේ ඓතිහාසික සැලැස්ම අධ්‍යයනය කළ නිරීක්ෂකයින් දක්වා තිබේ.
මිදුලේ දිග පැත්තෙහි ගබඩා ගෘහයක්ද එහි කෙලවර යුද්ධෝපකරණ තැන්පත් කළ දෙමහල් ගොඩනැගිල්ලක් ද තිබී ඇති අතර එහි ඉහළ මාලය සෙබළුන්ගේ පදිංචිය සඳහා වෙන් වී තිබී ඇත. බළ කොටුවේ තවත් කෙලවරක වෛද්‍ය උපකරණ වලින් පරිපූර්ණ ශල්‍යාගාරයක් හා ප්‍රධාන දොරටුවට වම් පසින් දිය පිරුණු විශාල ළිඳක් ද තිබී ඇත. නමුත් පැරැන්නන් පවසනුයේ එය ළිදක් නොව කොටු පවුර තුළ සිට වරාපිටිය වැවෙන් මතුවීමට තැනූ උමං ප්‍රවේශයක් බවය. එය සනාථ කරන කතන්දර අදත් පැරැන්නන් අතර පවතී.
මෙම බලකොටුවට දුර්භාග්‍ය දශාව එළඹෙනුයේ ක්‍රි.ව 1761 පෙබරවාරි මස 06, 07, හා 08 යන තෙදිනයන් පුරාම කාලතුවක්කු ද උපයෝගී කර ගනිමින් සිංහල සේනාව විසින් එල්ල කර ඇති අඛණ්ඩ ප්‍රහාරයන්ය. කොටුවේ ප්‍රධානදොරටුව මෙන්ම අභ්‍යන්තර ගොඩනැගිලි ද මේ ප්‍රහාරයන්ගෙන් විනාශ වී ගොස් තිබේ.
සිංහල නායකයින්ට බලවත් හිසරදයක්ව පැවති මෙම ලන්දේසි බලකොටුවේ ඇද වැටීම සංකේතවත් කරණුවස් මඩුවන් වල දිසාව විසින් කොටුවේ ප්‍රධාන ද්වාරයේ වූ ගල් උළු අස්ස ගලවා ගෙන ගොස් මඩුවන් වල වලව්වේ ප්‍රවේශ දොරටුවේ සවිකර ලදුව එය මේ දක්වා එම ස්ථනයේ දක්නට ඇත.
එකල ලන්දේසීන් ඕලන්ද ජාතිකයින් ලෙස හැදින් වූ ජන වර්ගයා අද හදුන්වනු ලබන්නේ නෙදර්ලන්ත ජාතිකයන් ලෙසය. තම මුතුන්මිත්තන්ගේ නිර්මාණයක් වූ කටුවන කොටුව නෙදර්ලන්ත රජයේ මූල්‍ය ආධාර යටතේ 2007 දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලැබ ඇත. පුරා විද්‍යා මෙන්ම අපූර්ව ගෘහ නිර්මාන තාක්ෂණයක වටිනාකමකින් යුත් මෙය පුරා විද්‍යාත්මක පර්යේෂනයන්හි යෙදෙන විශ්ව විද්‍යාල මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානයට ලක් කළ යුතු සුවිශේෂි ස්ථානයකි. දේශීය වශයෙන් මෙම ස්ථානය වඩාත් ජාතික ඇගයීමකට ලක් විය යුත්තේ සිංහලයේ අවසාන රාජ්‍ය පාලන සමයේ ජීවත් වූ දේශමාමක සටන්කාමී හෙළ විරුවන්ගේ ඔදවත් බව වත්මන් පරම්පරාවට කියාපාන රණබිමක සිහිවටනයක් වන බැවිනි.