Monday, June 26, 2017

ගෙවී යයි කාලය


 

 

 
 
 
 
 
 
බක් මහ සද නිවී ගොස්
වෙසක් සද උදා වුණා
වෙසක් සද දෙස බලන්නත් කලියෙන්
මෙන්න පොසොන් සද ඇවිදින්
එබිකම් කරනවා       
අපිටත් හොරෙන්
වසරක මධ්‍යහ්නට ඇවිදින්
ගෙවී යන බව
දැනුනේ එවිටයි
සබද

 

Saturday, June 3, 2017

ආදරය


 

 
 
 
 
 
 
මට අතීතයක් නැත
වර්තමානයක් නැත
අනාගතයක් නැත
මටම කියා භාෂාවක් නැත
මටම කියා භූමියක් නැත
මටම කියා ආගමක්, ජාතියක් නැත
මම පූජනීයයිලූ
මම අව්‍යාජයිලූ
මම වෙලාවකට දරුණුයිලූ
මේ ලෝකේ හැමෝම මාව
හදුන්වන එක නමක් තියෙනවා
ඒ ආදරය.......................
 
 

විලාසිත ලොව වෙනස් කල chenal












 
ෂැනල් කියන වෙළද නාමය කා අතරත් ජනප‍්‍රියයි.විශේෂයෙන් ජනප‍්‍රියභාවයට පත්ව ඇත්තේ ෂැනල් කියන සුවද විලවුන් නාමයයි.මීට අමතරව ආලේපන ඇදුම් විලාසිතා හිස් වැසුම් ආභරණ අත් බැග් පාවහන් ඇතුළු විලාසිතා සියල්ලම පිටුපස මේ නාමය දැවැන්තව වැජඹෙයි. මේ සියලූම දේ පිටුපස තිබූ ෂැනල් නාමය එක්තරා විසේතාර තරුණියකගේ මිහිකත මත සැබෑ වූ සිහනයකි.ෂැනල් නාමය සුන්දර වුවද ඇගේ කතාව ඉතා දුක්ඛිත ය.
අපි හැමෝටම මේ ලෝකයට පැමිneන විට අපේ කතාව ලියන්න විවිධ වර්ගයේ පාට ලැබෙනවා. ඒ හැම පාටකින්ම අපි අපේ ජීවිත කතාව ලියා ගන්න උත්සාහ කරනවා.  ඒ වගේ තම ජිවිත් කතව ලස්සන කර ගත්ත කෙනෙක් ගැනයි මේ කියන්නේ. ග‍්‍රාම්බියෙල්ලා ෂැනල් 1883 අගොස්තු 19 වනදා ප්‍රංශයේදී උපත ලබනවා.වයස අවුරුදු 6ක් වන විට ඇගේ මව මියනවාග පියා සමග තනිවන ඇයට පියා වෙළදාමේ නිසා පියාට ඇය කරදරයක් වනවාග ඵියා ඇය අනාත නිවාසයකට බාර දෙනවා. ඇය වයස අවුරුදු 18 වනතෙක් මේ ලමා නිවාසයේ ගත කිරීමට සිදු වෙනවා.ඈට එහි වාසය කරන කාලය තුළ ඇයට විවිධ අඩන්තේට්ටම් සිදු වන අතර තම සෙනෙහෙවන්තියන් සිහි වීම නිසාම ඇය සිය දහස් වරක් ළමා නිවාසය තුළදී අඩනවා. නමුත් ඇගේ දුක කිසිවෙකු බැලූවේ නැහැ. ඇය හිත දැඩි කරගෙන එයින් නික්මෙන නමුත් ඇය අහි වාසය කල කාලය තුළ මැහුම් ගෙතුම් පිළිබද ඉගෙන ගනු ලබනවා.
ඇය මහලූ නිවාසයෙන් පිට වි ගොස් විවිධ රැකියාවන්හි නිරත වෙනවා. ඒ අතරින් සමාජ ශාලාවල සින්දු කියන රැකියාව ඇය කැමැත්තෙන් කරනු ලබනවා. ඇයට එහිදි හමුදා සෙබලූන් හදුනා ගත හැකි වෙනවා. හේතුව වුයේ හමුදා නිලධාරින් වැඩි වශයෙන් පැමිණෙන නිසාවෙනි. ඇගේ කටහඩේ තිබූ සුවිශේෂත්වයත් ඊට හේතුවක් වුණා.  මේ ගෙවුනු කාලය තුළ ඇය තම කුඩා කාලයේ නොලැබූ ආදරය සොයා ගෙන යන්නට විය. නමුත් ඒ සම්බන්ධතා විවාහය දක්වා ගෙන යාමට නොහැකි විය.ඇයට වයස අවුරුදු 20ක් වෙද්දී ඇගේ සිතට එබෙන එතියන් බෙල්සන් සමග විවාහ වීමට හැකි වෙනවා. එය ඇගේ ජීවිතයට ආලෝකයක් විය.  ඇය ඉන්පසු තමා ළමා නිවාසයේ ගත කරන කාලයේ ඉගෙන ගත් මැහුම් ගෙතුම් ශිල්පයෙන් වැඩක් ගැනීමට හැකි වෙනවා. ප‍්‍රථමයෙන් කාන්තාවන් සදහා හිස් වැසුම් නිර්මාණය කරනු ලබනවා.ජේත්තුකාර යුවතියන් විලාසිතාවලට කැමති බව ඇය දැනගෙන සිටියා.මේ අතර කාලයේ තම සැමියාගේ මිතුරෙකු වූ ආතර් බෝයි සමග සබදතාවයක් ගොඩ නගා ගනු ලබනවා. වසර දෙකක් වූ ප‍්‍රංශ පේමයට තිති තබා සුදු තරුණයා සමග විවාහ වන ෂැනල් තම විලාසිතා නිරිමාණකරණය දිගටම කරගෙන යනු ලබනවා. එමෙන්ම ඇය සිය හිස් වැසුම් හා කාන්තා ජර්සි  විලාසිතා අලෙවි කර ගැනීම සදහා සාප්පු කිහිපයක් ආරම්භ කරනු ලබනවා.ඇය ප‍්‍ර.ශ විලාසිතා ලෝකය උඩුයටිකුරු කරනු ලබනවා. විලාසිතා යනු කිසියම් කාල සීමාවක් තුළ තුළ සිදුවන සමාජ ආර්ථික හා සංස්කෘතිමය කාරණා සමග පැමිණ මිනිසුනගේ ජීවන රටාවන් කෙරෙහි බලපෑම් කරනු ලබන එක්තරා වශාවහාරික කලාවකි. නමුත් ෂැනල්ගේ විලාසිතාකරණය කාලයක් තුළ සමාජයේ අල්ලලා හිටිනවා. මේ කාලය වන විට ඇයට මේ විලාසිතාකරණය කරගෙන යාම සදහා මහත් පිටුබලයක් ඇගේ සැමියා වූ ආතර් බෝයිගෙන් ලැබෙනවා. නමුත්  ඇගෙන් ඒ සියල්ල් උදුරා ගනිමින් වසර 9ක් වූ ඔහුන්ගේ  විවාහ ජීවිතයටන දුක පැමිණෙනවා. ෂැනල්ගේ ආදරණීය සැමියා වූ ආතර් බෝයි රිය අනතුරකින් මිය යනවා. ඇය පවසන්නේ ඇයට එය දරා ගත නොහැකි වූ බවයි. ඇය අහිමි විම් මැද ජීවිතය ජය ගත් කාන්තාවක් නිසාම ඇය ඒ අහිමි විම් දරා ගෙන ඉදිරියට යනවා. ඇය එහි ප‍්‍රතිඵලයක් ලෙස 1929 ප‍්‍රථම සුවද විලවුන් නිෂ්පාදනය ප‍්‍රංශයට හදුන්වා දෙනවා. එය ප‍්‍රංශයේ කඩවල සියලූම රාක්ක අල්ලා ගනු ලබනවා. ප‍්‍රංශයේ යුවතියන්ට ෂැනල් සුවද විලවුන් බෝතලයක් ළග තබා ගැනීම විලාසිතාවක් බවට පත් කිරිමට ෂැනල්ට හැකි විය. Chanel 5   මායාවක් බවට පත් විය. එය කෙතරම් ලෙකු උන්මාදයක් බවට පත් වුයේ ද යත් ආදරයට නම් දැරු ප‍්‍රංශ හාදුව තරම් ම වටිනා දෙයක් බවට chanel 5 සුවද විලවුන් බෝතලයක් ත්‍යාගයක් ලෙස ලැබීම යුවතියකගේ සිත වසග කර ගැනීමට සමත් වෙනවා. විලාසිතාවක අමතක කළ නොහැකි අංගයක් බව ෂැනල් පවසයි.මේ අකාරයට වසර ගණනාවක් ඇතුළත ෂැනල් සමාගත ප‍්‍රංශයේ විලාසිතාකරණය තුළ ප‍්‍රමුඛ නාමය බවට පත් කරන්නට හැකි විය.
ත්‍ම් අතර කාලය තුළ තනිකඩ ජීවිතයක් ගත කළ ෂැනල්ගේ සිත වර්තයිමර් නැමති තරුණයා කෙරේ  ලං වෙනවා. ඇය 1923 දී කොරලය රහිත ජැකට්ටුව හදුන්වා දෙනු ලබනවා. ශරිරයේ රූපකාය බේරී පෙනෙන තරම් වූ මේ ජැකැට්ටුව ප‍්‍රංශ යුවතියන් රැඩිකල් වෙනසකට මුල පිරුවා. එසේම ඇය ධනවත් කාන්තාවන් මේ විලාසිතා හදුනවා දීමේ දී ඉලක්කය බවට පක් කර ගන්නවා. හේතුව ඔවුන් සිය ස්වකීය සිරුර විලාසිතාවන්ගෙන් සරසන්න්ට කැමති බවත් එය ෂැනල් විසින් මනාව ඉටු කරන ලැබුවා. ඇය විසින් කළු කෙටි ගවුම් විලාසිතාව හදුන්වා දීමද ඇගේ සාර්ථක වූ අත්හදා බැලීමකි. මේ සියලූ විලාසිතාවන් දෙස ප‍්‍රංශය මෙන්ම ලෝකය අනෙකුත් ගැනුම්කරුවන්ද වෙනස් ඇහැකින් බලන්නට ඇයට හුරු කරන්නට හැකි වුණා.
වෛර්ණ විලාසිතා අතර සංකීර්ණ නොවූ සරල විලාසිතාවකට දිගුකල් පැවැත්මක් ඇති බව ෂැනල් විශ්වාස කරනු ලැබුවා.විලාසිතා කාලයෙන් කාලයට පැමිණෙන ස්වභාවික දෙයකි. නමුත් ෂැනල්ගේ විලාසිතා කාලයක් සමග වෙනස් නොවන විලාසිතාවක් බවට පත් කරන්නට ඇයට හැකි වෙනවා.ඒ වගේම විලාසිතා ලොව වෙනස් කරන්නට හැකි වෙනවා. සිරිතක් ලෙස අළු පැහැය සහිත අහස් වියන ඉල්ලා සිටිනා ප‍්‍රංශ වැසිවන්ට කළු පැහැයෙන් වස්ත‍්‍රාභරණ විලාසිතාකරණය යෙදීමට අවශ්‍ය වුණා. බොහෝ කාලයක් එය පැවතිනවා. ෂැනල්ට ඒ දේ කල හැකි වූ නිසා ඇය රැලි හදන්නියක් නොව සම්ප‍්‍රදායන් සාදාන්නියක් විය.
ඇය සිදු කරන ඊළග පෙරළිය වුයේ පිරිමි විලාසිතා කාන්තාවන්ට හදුන්වා දීමයි. ඇගේ විලාසිතා හොලිවුඞ් තාරාකාවන් සදහා නිර්මාණය කරන්නට ඇයට හැකියාව ලැබෙනවා. අනෙකුත් දැවැන්ත විලාසිතා නාමයන් අතර ෂැනල් නාමය ද අද්විතීය නාමයක් බවට පත් විය. ලොව ඇති හොදම වර්ණය ඔබට වඩාත් ගැලපෙන වර්ණයයියන්න ෂැනල්ගේ ආයතනයේ ආමන්ත‍්‍රණයයි. නිව්යොර්ක්,මිලාන්, පැරිස් හා ලන්ඩන් වැනි සුපිරි විලාසිතා දැක්මවල් හා ඇන්ජලීස්, තොකියෝ ,පොලෝ ,සිඞ්නි හා ඩුබායි වැනි විලාසිතා වැඩමුළුවලද ෂැනල්ට ප‍්‍රමුඛ තැනක් හිමි වුණා.
මෙසේ විලාසිතාව ප‍්‍රංහය මෙන්ම ලෝකයම උමතුවක් බවට පත් කරන්නට වෙහෙසුනු මේ නිර්මාණශීලී සුරුපිනියගේ අවසන් තත්ත්පර කිහිපය වර්ෂ 1971 වෙදදී ගෙවෙමින් තිබුණා. 1971 ජනවාරි 10 ඇය ඇගේ අවසන් හුස්ම පොද වා තලයට මුසු කලා. ඒ වනවිට ඇය මුළු ලොවම ඇගේ වසගයට ගෙන අවසන්. ප‍්‍රංශය යනු හැම දෙයකින්ම පුරෝතාමී රටක්. පැරිසිය පුරෝගාමී නගරයක්. ඉර හද සරසන කලා නිර්මාණ ,අවන්හල් ,කොපිහල්  නේක විලාසිතා රජ දහන, සමාජ ශාලා ,විලාසිතාගාර ,කලාගාර ආදී දේ අතර ෂැනල් නම් විලාසිතාවේ වෙළද නාමය දඉහළ තැනක් හිමි කර ගැනීමට හැකි වෙනවා.

 

Sunday, May 21, 2017

ශ්‍රී ලාංකීය රුපවාහිනිය හා ආචාර ධර්ම

 ආචාර ධර්ම බිහි වීමේ ඉතිහාසය දෙස අවධානය යොමු කිරිමේදී ඈත අතීතයට  දිව යයි. මුල් කාලීන සාමාජයේදී ලියවිල්ලක සදහන් නොවුනද ඔහුන් විශ්වාසයන් ලෙස ඒවා පවත්වා ගෙන එනු ලැබීය. මේ විශ්වාසයන් ඔහුන් තහංචි නමින් හදුනවන් ලැබීය. ඒවා පොදු එක`ගතාවය මත ඇති කර ගත් ඒවා විය. උදාහරණ ලෙස කුල ක‍්‍රමය හා විවාහය හදුන්වා දිය හැකිය. මේ සංකල්පයන්ගෙන් මිදී මෙම සංකල්පයට වාරණය නැතිනම් ආචාර ධර්ම යන භාවිතයට ගනු ලැබුවේ ග‍්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්ගේ කාලය තුළය. ඔහු විසින් යුක්තිය අයුක්තිය හො`ද නරක පිළිබ`ද විස්තර කරන සදාචාර විද්‍යාවක් සොයා ගනු ලැබීය.
ඇමරිකානු සමාජයේදී තනි රීලයේ චිත‍්‍රපටයක සිප ගැනීමේ දර්ශනයක් නිසා මාධ්‍ය සදහා ආචාර ධර්ම බිහි වීඹට හේතු වී ඇත“May Irwin Kiss April 1896 Edison’s Black Maria Studio”. සන්නිවේදන අවශ්‍යතා සදහා ජනමාධ්‍ය බිහි වීමෙන් පසු තොරතුරු මුලාශ‍්‍ර නිරවද්‍යතාවය සහ ඉදිරිපත් කිරීමේ ක‍්‍රමෝපායන් පදනම් කරගෙන මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් බිහි විය. මීට හේතු වී ඇත්තේ මිනාසාගේ තොරතුරු අවශ්‍යතාව වැඩි වන විට කුමන හෝ මාර්ගයකින් තොරතුරු ලබා ගැනීමට පෙළබෙන අතර එනිසාවෙන් ජනමාධ්‍යන් විමසීමෙන් තොරව තොරතුරු ලබා දීමට පෙළබේ. එනිසා ලෝකයේ ජන මාධ්‍ය ආයතන ක‍්‍රමවත් ලෙස තොරතුරු පිට කිරීම සදහා ක‍්‍රමෝපායක් ලෙස ආචාර ධර්ම හදුන්වා දෙනු ලැබීය. 1920 මැද භාගයේදී ජනමාධ්‍ය ආචාර ධර්ම ගැන මුලින්ම සදහන් වන්නේ ජාත්‍යන්තර කම්කරු වාර්තාවෙහි ය. මෙසේ ලෝකය පුරා මාධ්‍ය ආචාර බිහි වීම ආරම්භ වීම සිදු විය.
උදාහරණයක් ලෙස  ඕනෑම ආයතනයක් සතුව ආචාර ධර්ම පද්ධතියක් ඇත. එය ඔහුන්ගේ වෘත්තිය පවත්වා ගෙන යාමට හා වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගැනීමට හේතු වේ. වෛද්‍ය සඩාවක් ගත් විට ඔහුන්ට ආවෙනික ආචාර ධර්ම පද්ධතියක් ඇත.ඒ අනුව මාධ්‍යවේදීන්ට ද ඔහුන් සතුව ද ආචාර ධර්ම පද්ධතියක් පැවතීම වටී යැයි හැගී යාම නිසා ඔහුන් ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දීමට ශ‍්‍රී ලංකාව ද කටයුතු කරනු ලැබීය.
ශ‍්‍රී ලංකාවේ ජනමාධයවේදීන් විසින් ද ඔහුන්ගේ වෘත්තිය ගරුත්වය රැුක ගැනීමට ආචාර ධර්ම බිහි කර ගනු ලැබීය. 1990 මුල් කාලයේ දී පමණ ආචාර ධර්ම පිළිබ`ද දැනගත හැකියි. එහිදී පහත සාධකයන් සමකාලීන සමාජයට අනුව වෙනස් වේ. එනම්
01 මූලාශ‍්‍ර
02 නිරවද්‍යතාව
03පෞද්ගලිකත්වය
04 පිළිතුරු දිමේ අයිතිය
තවද එක් එක් ජනමාධ්‍යයට විශේෂව මාධ්‍ය ආචාර ධර්ම බිහි කර ගනු ලැබ ඇත. ඔහුන් ඉහත  කරුණු 4 කෙරෙහි අවධානය යොමු කර සකස් කර ඇත. ලංකාවේ ජනමාධ්‍ය අතරින් වැඩි ප‍්‍රමාණයක් පුවත්පත් භාවිතා කරයි. එනිසා පුවත්පත් සදහා බිහි වී ඇති ආචාර ධර්ම ලෙස
-පුවත්පත් මණ්ඩලය
-ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම
 -ඔම්බුස්ට්මන්වරු
 -පිරික්සුම් ලයිස්තුව
මීට අමතරව රූපවාහිනි සදහා රූපවාහිනී ආචාර ධර්ම හා ගුවන්විදුලි ආචාර ධර්ම පද්ධතියක් දැක ගත හැකිය.
            ඒ අනුව රූපවාහිනි මාධ්‍ය ආචාර ධර්ම විමසීමට ලක් කිරීමෙදී රූපවිහිනියේ පවත්නා ප‍්‍රබලත්වය පැහැදිලි කර ගැනීම මනාය.ආලෝක තරංග ඇසුරු කොට ගෙන රූපය සිය ඇසට ගොදුරු කර ගැනීම තුළ මිනිස් මනසේ පරිකල්පනය උත්පාදනයට අත්‍යවශ්‍ය සාධකයකි. මෙහිදී හ`ඩය ලැබෙන්නේ ද්වීතීයස ස්ථානය වන අතර රූපය අද්වීතිය වේ. ඒ අනුව රූපය හා හඩ එකතු වූ විට ඇතිවන සන්නිවේදනය ඉතා ප‍්‍රබල වේ.රූපවිහිනිය වූ කලී සමාජයේ ප‍්‍රබල තොරතුරු සම්පේ‍්‍රෂණ මාධ්‍යයක් වන හෙයිනි. එනිසාම රූපවිහිනියේ පවත්නා අපක්ෂපාතීත්වය හා මධ්‍යස්ථභාවය ගැන සැලකිලිමත් වි යුතුය. මෙහිදී විශේෂයෙන් සමාජයේ පොදු ස්වභායුවයද හදුනා ගැනීම යෝග්‍ය වේ.එය රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනයටද වැදගත් වේ. එනම් යහපත අයහපත ලෙසත් අයහපත යහපත ලෙසත් දැකීම සමාජය තුළ ප‍්‍රකට න්‍යායකි.  එනම් මෙවැනි පසුබිමක යහපත් සමාජයක් ගොඩ නැගීමට රූපවාහිනියට වැඩි ශක්‍යතාවක් ඇත. සමාජය යම් දෙයකට පෙළඹවීමේ හැකියාව රූපාවාහිනිය සතුය. එනිසා රූපවාහිනි අන්තර්ගතය සැකසීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතය. විශේෂයෙන් ආචාර ධර්ම අනුගමන කිරීම වැදගත්ය.
            ඒ අනුව රූපවාහිනි මාධ්‍ය සදහා ශ‍්‍රී ලංකාවේ ඇති ආචාර ධර්ම පද්ධතිය හදුන්වා දෙනු ලැබුවේ රූපවාහිනි මාධ්‍ය ආරම්භයේදීම නොවේ.  1982 දී රුපවාහිනී සංස්ථා පනත අඩංතු යම් යම් කරුණු රූපවාහිනී අරම්භයේ මුල් කාලයේ ආචාර ධර්ම ලෙස පිළිගනු ලැබීය.
            ඒ අනුව එහි අඩංගු වූ කරුණු ලෙස ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ අපක්ෂපාතී විම හා ජාතීන් හා ආගම් අතර භේද ඇති වන වැඩසටහන් විශේෂාංග හෝ ප‍්‍රවෘත්ති ඇතුළත් නොකළ යුතු ය. ශ‍්‍රී ලංකාව හා මිතුරු රටවලට අහිතකර වන ලෙස කරුණු ඉදිරිපත් නොකල යුතු ය. නමුත් මෙය රජයේ රූපවාහිනි නාලිකාලවට අදාළ නොවීය. තවද මෙම පනතයම පාලනාධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ නියෝග මාර්ගෝපදේශ නිකුත් කිරීමේ බලය පවතින අතර ඒවා ආචාර ධර්ම ලෙස ද පිළිගත හැකිය. 1988 දී හා 1993 දී මේවා ඇතුලත් කර නිකුත් කරනු ලැබූ පොතක් ද වේ. එහි ඇතුළත් තොරතුරු වන්නේ  අවමංගල්‍යය සමාගම්වල දැන්වීම් ඖෂධයන් පිළිබද හා ජොතිත්‍යෂ කරුණු ඇතුළත් කිරිමේදී වගකීමෙන් සිදු කල යුතුයි.මේ පොතේ අඩංතු කරුණු ඒ වන විට ආරම්භ කර තිබූ පෞද්ගලික නාලිකා වෙළද දැන්වීම් බොාහා් ප‍්‍රමාණයක් ලබා ගෙන තිබූ නිසා වෙළධ දැන්වීම් ආයතනලවලට මෙම කෘතියේ අඩංගු යම් යම් කරුණු යවනු ලැබීය. එමගින් පෞද්ගලික නාලිකාවලට ද බලපානු ලැබුවද පසුව එම නාලිකා විසින්ම ඇති කර ගනු ලෑබූ ආචාර ධ්ර්ම පද්ධතියක් දැක ගත හැකිය. උදාහරණ ලෙස සිරස ටී වී ආයතනය සතුව පවතින බව පවසයි. එසේම සෑම නාලිකාවක් සතුවම නිරීක්ෂණය කිරීම සදහා  නිලධාරියෙකු පත් කර ගනු ලැබීය. ඔහු විසින් නිරීක්ෂණය කිරිමේදී  තාක්ෂණික තත්ත්වයන් හා ගුණාත්මක තත්්ත්වයන් කෙරෙහි පමණක් අවධානය යොමු කරතැයි  විශ්වාස කළ හැකිය. ඔහුන් රටේ පවතින නීතිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි විශ්වාස කල නොහැකිය. මේ අනුව ශ‍්‍රී ලංකාවේ රූපවාහිනිය කෙරෙහි හදුන්වා දී ඇති ආචාර ධර්ම පහත පරිදි පෙළ ගැස්විය හැකිය.
  -ශ‍්‍රී ලංකා ජාතික රූපවාහිනි පනත
 -ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතෙහි 30 (1*වගන්තිය යටතේ අති විශේෂ ගැසට්        නිවෙදකයකින්                                                                     
 -1981 ඔක්තෝබර් 14 දින ප‍්‍රකිශිත ආචාර ධර්ම පද්ධතිය
 -1982 ජනවාරි 22- Code of Advertising Standard and Practice
 -1986 සැප්තැම්බර් 16 - Programe Code
 -2003 අගෝස්තු Code of Conduct
-2004 සැප්තැම්බර් 03 - ටෙලි නාට්‍ය හා සංගීත වැඩසටහන් පිළිබද ප‍්‍රමිති හා තත්ත්ව පාලනස්වභාවයන්       
මීට අමතරව ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති ආමාත්‍යාංශය මගින් ජනමාධ්‍ය ආචාර ධර්ම සංග‍්‍රහය නමින් කෙටුම්පතක් සකස් කර ඇති අතර එය පොදුවේ සියලූම මාධ්‍යයන්ට ආදාළව සකස් කර ඇත. එනම් නව මාධ්‍යයන්ටද ආදාළ වන ලෙස සකස් කර ඇත. මෙසේ ආචාර ධර්ම බිහි කර ගෙන ඇති නමුත් වර්තමාන ජනමාධ්‍ය ඒවා පිළිපදින්නේද යන්න ගැටලූවකි. විශේෂයෙන් රූපවාහිනි නාලිකා ඒවා අනුගමනය කරන්නේ ද යන්න විමසා බලමු.
රූපවාහිනිය මෙරට හදුන්වා දෙනු ලබන්නේ අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර දීමේ අභිප‍්‍රායෙනි. නමුත් පසුව පෞද්ගලික නාලිකා බිහි විමෙන් පසු එම තත්ත්වය තවදුරටත් වෙනස් විය. අද වන විට රූපවාහිනිය මිනිසුන්ට නැතිව බැරි උපකරණයක් බවට පත්  වී ඇත. ඔහුන් ආහාර ගන්නේ ද නින්දෙන් අහැරෙන්නේද රූපවාහිනියේ තිබෙන හෝ තිබූ දෙයක් ගැන සිහියේ තබා ගෙනයි. ඒ තරමටම රූපවාහිනිය ඔවුන්ට සමීප වී ඇත. මෙතරම් ජනතාවට සමීප රූපවාහිනිටම ආවේණික ආචාරධර්ම පද්ධතියක් නොතිබුනත් පුවත්පත් මණ්ඩලයේ ආචාරධර්ම පද්ධතිය අනුගමනය කල යුතු බව පිළිගැනීමයි. මෙරට 20ක් පමණ  රූපවාහිනි නාලිකා අතරින් සියල්ල්ම පාහේ ප‍්‍රවෘත්ති විකාශය කරනු ලබනවා. ඒවා අතරින් නාලිකා කිහිපයක් පමණක් ආචාර ධර්ම පිළිපැදීමට උත්සාහ ගන්නා ආකාරයක් දුටුවද ඔවුන් ද සියයට සියයක් ආරක්ෂා කිරීමට ඔවුන්ට හැකි වී නැත. විශේෂයෙන් අපරාධ සිදුවීම් වාර්තා කරනයේදී මෙම ආචාර ධර්ම බිද දැමීම සිදු වෙනවා. ප‍්‍රවෘත්ති කතාවක් ආකාරයට ඉදිරිපත් කරන ලබන සමහර නාලිකා මරණය සිදුවන ආකාරය ඒ ආකාරයෙන්ම පෙන්වනු ලබනවා. උදාහරණයක් පසුගිය කාලයේ තරුණයෙකු දුම්රියට පැන සිය දිවි නසා ගැනීම ඔහු විඩියෝ කර තිබූ අතර එය එලෙසම සමහර නාලිකා තුළ විකාශය කරනු ලැබුවා. එසේ විකාශය කරන ඔවුන් සත්‍ය පුවත් ගෙන ඒම මෙන්ම තරගකාරී මාධ්‍ය ලෝකයේ තම ස්ථානය රැුක ගැනීමට දරන ප‍්‍රයන්තයක් ලෙස දැකිය හැකියි.  එසේම ඝාතනයක් හෝ අපරාධයක් සිදු වූ විට විශේෂයෙන් වයස 16 අඩු අයගේ අනන්‍යතාව හෙළි නොකළ යුතුයි. නමුත් මහත් ආන්දෝනයකට තුඩු දුන් සේයා දැරියගේ ඝාතනය මාධ්‍ය වාර්තාකරණයේදී ඇය නැවත වතාවක් මාධ්‍ය තුළින් ඝාතනය කරනු ලැබුවා. එවැනි කනගාටුදායක සිද්ධීන් ද මේ මාධ්‍ය ආචාර ධර්ම පිළිනොපැදීම නිසා සිදු වේ. ඒ වගේම වෙළද දැන්වීම් හා ටෙලි නාට්‍ය විකාශය කිරීම තුළ ද ඒවාට ආවේණික වූ ආචාර ධර්ම කඩ කරන බව මනාව පැහැදිලි වේ. 1982 වෙළද දැන්වීම්වලට අදාළව නිකුත් කරනු ලැබූ ආචාර ධර්මයන්ට අනුව ඝෝෂාකාරී සංගීතය යොදා ගැනීම, අනෙකුත් වැඩසටහන්වලින් වෙළද දැන්වීම් හදුනාගත හැකි තත්ත්වයේ පැවතීම, ත්‍යාග ආදිය ලබා දෙන බව නොපෙන්විය යුතුය  ආදි කරුණු ගණනාවක් ඉදිරිපත් කරයි. නමුත් වර්තමානයේ වෙළද දැන්වීම්  නිර්මානකරණයේදී ආචාරධර්ම කෙතරම් දුරට අනුගමනය කර ඇද්ද යන්න වෙළද දැන්වීම් නරඹන ඔබට වැටහෙනවා ඇති. ඝෝෂාකාරී සංගීතය නැත්තේ කුමන වෙළද දැන්වීමේද යන්න ගැටලූවක් මතු වනවා නොවේද? එසේ නම් පැවසිය යුත්තේ වර්තමානයේ වෙළද දැන්වීම් ආචාර ධර්ම අනුගමනය කරන්නේ ද යන්න ගැටලූවක් මතු වන බවයි . ඔවුන් තම වෙළද අරමුණ සාක්ෂාත් කරගැනීමේ මහා ප‍්‍රයත්නයක නිරත වනවා මිස ආචාර ධර්ම ගැන අවධානය යොමු කර නොමැති බවයි .
ටෙලි නාට්‍ය ද තුළ ද ආචාර ධර්ම අනුගමනය කිරීමක් දැක ගත නොහැකියි. හේතුව වන්නේ වර්තමානයේ පවතින්නේ ඉන්දියානු නාට්‍ය සිංහලෙන් හඩ කවා විකාශය කිරීමකි.  කෙසේ වුවත් එම නාට්‍ය ඉන්දියානු සංස්කීෘතියට අනුව නිරිමාණය කර ඇති නිසාම මෙරට සංස්කෘතියට එය අලූත්  දෙයක් වගේම ඒවායේ ආචාර ධර්ම කොහෙමෙත් අනුගමනය  කිරිමක් අපේක්ෂා කල නොහැකියි. මාධ්‍ය ආචාර ධර්ම සේම එම ටෙලිනාට්‍ය මෙරට  සංස්කෘතියට ද කරන්නේ ප‍්‍රබල බලපෑමකි. තරගකාරී ආර්ථික රටාවක නිරතව සිටින මාධය ආයතන හිමිකරුවන් ලාභ අපේක්ෂාව පමණක් සිතයිග ්‍යම් ප‍්‍රමාණයකට හෝ පුවත්පත් මාධ්‍ය ආචාර ගරු කිරීමට උත්සාහයක් දරනා බව සදහන් කල යුතුයි. නමුත් ඔහුන්ද කඩ කරන අවස්ථා නැතිවාම නෙවේ.
 
 

Wednesday, May 10, 2017

ජපන් සංස්කෘතියේ වගතුග









 

ජපානය සංවර්ධනයේ යෝධ පියවර තබමින් ඉදිරියට යන රටක් ලෙස හදුනා ගෙන තිබෙනවා.විශේෂයෙන් ජපානය තාක්ෂණය අතින් ප්‍රබල රටක් ලෙස හදුනා ගත හැකියි. ඒ සමාන ලෙසම ඔවුන්ටම අවේණික වූ විශිෂ්ට සංස්කෘතියක් හිමි වෙලා තිබෙනවා.ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැලකුවද ජපන් ජාතිකයන් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රී ලංකාව තුළද  අද වන විට ප්‍රචලිතව ඇත. ජපන්  සංස්කෘතිය පිළිබද විමසීමේදී සම්ප්‍රදායික ආසියානු සංස්කෘතිය හා බටහිර නවීන සංස්කෘතියේ සංකලනයෙන් බිහි වූ ඔවුන්ටම අවේණික සංස්කෘතික රටාවක් හිමිය.

 ඒ අනුව ජපානයේ සම්ප්‍රදායික සන්ස්කෘතිකක නාට්‍යය සදහා විශේෂ වැදගත්කමක් හිමි වේ. සම්ප්‍රදායික නාට්‍යය අතර කබුකි, නෝ,ක්යෝගෙන්  හා බුන්කුර වේ.  17 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී ආරම්භ වූ කබුකි නාට්‍ය ,රංගන ශිල්පීන්ගේ ලාලිත්‍යමය වූ කතා විලාශය, නෙත් ඇදගන්නා සුළු ඇදුම් ආයිත්තම් හා රුපලාවන්‍ය උපක්‍රම මෙන්ම වේදිකාවේ  රංගනය තීව්‍ර කිරීමට යොදා  ගන්නා කාර්මික ක්‍රමොපයන්ගෙන්ද  සමන්විත් වන අතර මෙහි විශේෂත්වය වන්නේ ගැහැණු චරිත පවා පිරිමි අය රග දැක්වීමයි. නෝ නාට්‍ය  පැරණිම සංගීත නාටක ක්‍රමයක් වන අතර නාට්‍ය සදහා දෙබස් පමණක් නොව ගායනය, සංගීතය නැටුම් ද ඇතුලත් වේ. මේ නාට්‍යවල දි වෙස් මුහුණු පැලදීම විශේෂත්වය වේ. ක්යෝගන් සම්ප්‍රදායික විකට නාට්‍ය විශේෂයකි.මේ නාට්‍යවල ක්‍රියා හා දෙබස් විශේෂ ශෛලියකට අනුව රග දැක්වේ. නෝ නාට්‍ය අතරතුර මේ නාට්‍ය  රග දැක්වුවත් දැන් දැන් ක්යෝගන් නාට්‍ය පමණක් ප්‍රදර්ශනය කරන අවස්ථාද තිබේ. බුන්කුර  16 වන ශත වර්ෂයේ අග භාගයේ ජනප්‍රිය වූ රුකඩ නාට්‍ය විශේෂයකි.

තේ සංග්‍රහ උත්සව සහ ඉකෙබන වැනි වෙනත් සම්ප්‍රදායික කලා අද ජපන් ජන ජිවිතයේ සජීවී අංග බවට පත්ව ඇත. තේ පානොත්සවය අමු තේ කොළවලින්  තේ සාදන පියවර කිහිපයකින් යුත් සංග්‍රහයකි. මෙය ‘‘සදෝ’’ නමින් හැදින්වේ.මෙම චාරිත්‍රය තේ සැදීමට වඩා සංකීර්ණ කටයුත්කි.දැනුම හා සංවේදී බව ඉතා පුළුල් පරාසයක දිවෙන උසස් කලාවකි. සදෝ මගින් ජිවිතයේ පරමාර්ථ මෙන්ම සොබාදහම අගයකිරීමද ප්‍රගුණ කෙරේ. ශතවර්ෂ 7ක් පමණ කාලයක් තුල විකාශය වූ ජපන් භාෂාවෙන් ‘’ඉකෙබානා’’ ලෙස හැදින්වෙන අතර ආරම්භය පැරණි බෞද්ධ මල් පුජා කිරීමේ සිරිත හා බැදී  ඇත. මෙහිදී සිදුවන්නේ හුදෙක් සැරසිලි සදහා මල් පාවිච්චි කිරීම නොවන අතර එක් එක් සැරසිල්ලට යොදා ගන්නා පැළෑටි කොටස් ගන්න භාජනය ,මල් කොළ හා අතු ඉති සැරසිල්ල තබන ස්ථානය පිළිවෙල හා තු වෙනස්කම් ආදී මේ සාම අංශයක්ම සැලකිල්ලට ගෙන සැරසිමයි.

ජපන් ආහාර රටාවටද විශේෂ වැදගත්කමක් හිමි වේ. සාමානයෙන්  ජපන් කෑම වේලකටම තැම්බූ සුදු බත් සමග ප්‍රධාන වශයෙන් මස් හෝ මාළු හා මිට අමතරව පිසින ලද එළවළු හා මිසො නම් සුප් වර්ගයක් හා අච්චාරු මෙන් සැකසු එළවළු අඩංගු වේ. බත් ඇලෙනසුලු නිසා ‘‘හෂී’’ නම් ලී කෝටුවලින් කෑමට ගනු ලබයි.වර්තමාන ජපන් ජනයා යුරෝපය ,උතුරු ඇමෙරිකාව හා ආසියාව වැනි ලොව  පුර රටවල කෑම  වර්ග ආහාරයට ගනිති. කෑමට පෙර  ජපන් ජනයා ‘’ඉතදකිමසු’’ යයි කියනු ලැබේ. ‘’මේ කෑම පිලිගන්නවා’’ යන තේරුම ඇති මෙය, කෑම වේල සකස් කිරීමට එක් වූ සැමට ස්තුති කිරීමකි. කෑමෙන් පසුවත් ඉතා හොද කෑම වේලක් යන තේරුම ඇති ‘’ගොවිසෝ සමදෙශිතා’’කියා නැවත ස්තුති කරයි. සශුම් සුෂී තෙන්පුර ඔවුන්ගේ ආහාර අතර ප්‍රධාන වේ.

ජපානයේ ඇදුමට ද විශේෂත්වයක් හිමි වන අතර ඔවුන්ගේ චිරාගත ඇදුම කිමොනවයි. සාමානයෙන් සේදවලින්  සාදන ලද කිමොනවට විශාල ඇත ඇති අතර උරහිස සිට දෙපතුල් දක්වා දික්වේ. බද වටා ඔබි නමැති පළල් පටියක් බදිනු ලැබේ. කිමෝනෝ දැන් සාමාන්යෙන් අදින්නේ උත්සව අවස්ථාවලදී  පමණි. මේ උත්සව නම් ෂිව් ගො සාන් ,විවහොත්සව හා උපාධි  උත්සව ආදියයි. එදිනෙදා ඇදුම් සදහා ලමුන් හා තරුණ අය ටීෂර්ට් ,කලිසම් ,පොලෝ කමිස හා ක්‍රීඩා ඇදුම් වලට වැඩි කැමැත්තක් දක්වන්නේ එම ඇදුම ඉතා පහසු බැවිණි.

සුමෝ යනු ජපානයේ ජාතික ක්‍රීඩාවයි. දෙවියන් සතුටු කිරීම සදහා පවත්වන ලද උත්සවක් ලෙස ආරම්භ වූ මෙය වර්තමාන වන විට ක්‍රීඩාවක් බවට පත්ව තිබේ.ශින්තෝ ආගමට අනුව කෑම, අස්වැන්න ආදිය ලබා දෙන්නේ පොලවට අධිපති දෙවියන් සතුටට පත් වීමෙන් බවත් එනිසා දෙවියන් සතුටට පත් කිරීම සදහා මෙම ක්‍රීඩාව පවත්වයි. මුල් කාලයේ සුමෝ ක්‍රීඩකයන්ගේ ශරීර ශක්තිය දෙවියන්ට ප්‍රදර්ශනය කිරීම සදහා ,මෙය පවත් වූ අතර පසු කාලයේ මෙය ක්‍රීඩාවක් බවට පත් විය. මෙම ක්‍රීඩාවේ අදියර 16ක් ඇති අතර අවසාන අදියරේදිනන පුද්ගලයා ශුරය බවට පත් වේ. ප්‍රබල ක්‍රීඩකයින් දිනීමෙන් දෙවියන්ගේ හිත සතුටට පත් වන බවත් .එවිට අස්වැන්න වැඩියෙන් ලැබෙන බවත් ජපන් ජාතකයන් විශ්වාශ කරයි,

ජපානයට බටහිරින් ගෙන් ආ සංස්කෘතිය අද වන විට ඉතා ජනප්‍රියය. බොහෝ දෙන බටහිර සංගීතයට ඇලුම් කරයි.අද වන විට සිනමාව විශාල ජයග්‍රහණ ලබා ගෙන ඇත. 1951 දි වැනිසියේ චිත්‍රපටි උළෙලේදී අකුර කුරසෝවා ස්වර්ණ සිංහ සම්මානය ජයග්‍රහනය කල පසුව ජපන් සිනමාවට ලෝක අවධානය යොමු විය.

 

මහපාර











විසල් අහසේ
විදී අද්දර
හඩන සුනීත සෝපාකලා
ලයේ දරු දුක රදවාගෙන
අසරණව දෑත් දිගු කරන්
තම කිරි කැටියන්  රකින්නට
පිහිට පතමින් මග බල සිටිනා
පටාචාරාවන්, කිසගොතමියන්
අනන්තවත් පසු කරන්
ඒ දෙසත් නොබලා කලබලෙන්
ඇදී යන්නේ
කෝට් ඇගලාගත් ලොකු මහත්වරුන්
දිළිසෙනා ඔවුන්ගේ
සර්වපිත්තල ලෝකයට

                                      

                               

Tuesday, March 28, 2017

ගැහැනිය















මව් කුසින් මිහි බට
එළිය දුටු දා ලෝකයේ
අහිංසකය සුරතල්ය
නමුත්
පා තැබූ දින
කුරිරු මිනිසුන් වෙසෙන සමාජයට
ලැබුනේ ගැරහුම් චෝදනමය
දුන්නේ අන් අයහට
පසිදුරන් පිනවනා පහසමය
අවසනදී
තවකෙකුට ජීවය දී
මිලින වී යන්නේ
ඇයයි
දුක සතුට සම සිතින් විද