Friday, August 4, 2017

කටුවන ලන්දේසි කොටුව


 

 
 
 
 
 
ඌරු‍බොක්ක ඔය හා රත්ම‍ලේ කන්දෙන් මනා වූ ස්වාභාවික ආරක්ෂාවක් ලද ‍සුන්දරම භූමියකි කටුවන. එනිසාවෙන්  ලන්‍‍දේසීන් විසින් ද ස්වකීය බල‍‍කොටුවක් ඉදි කිරීමට ‍යෝග්‍ය භූමියක් ‍ලෙස මෙම භුමිය හඳුනාගෙන ඇත.  ඒ අනුව කටුවන නගර‍යේ ප්‍රා‍දේශිය ‍ලේකම් කාර්යාලය අසල පිහිටි කටුවන ‍කොටුව ලන්‍‍දේසින් විසින්  ඉදිකර ඇති කටුවන කොටුව පිලිබදවයි මේ. මෙම ස්ථානය පො‍‍ළොන්නරු අවධි‍යේ දී පළමුවන විජයබාහු රජු ද ආරක්ෂිත බල ප්‍ර‍දේශයක් ‍ලෙස ‍ ‍තෝරා ‍ගෙන ඇත. මහනුවර රාජ්‍ය සමයේ උඩරට රාජ්‍යයත්, මුහුදුබඩ ප්‍රදේශයත් වෙන් කරන වැදගත් මුර පොළක් ලෙසට සැලකුණු මායිම් ප්‍රදේශයක් වූ , කටුවන යනු හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයට අයත්  නගරයකි.
 
 
 
 
 
 
 
 
මහනුවර සිංහල රාජධානි‍යේ අගනුවර සිට මාතර දක්වා වු මාර්ගය ආරක්ෂා කර ගැනීමටත් ‍වෙ‍ළෙඳ සබඳතා ආරක්ෂා කර ගැනීමටත් ඔවුන් ‍මෙම ‍කොටුව ‍ගොඩනැගූ බව පිළිගැ‍නේ. කටුවන ලන්‍‍දේසි ‍කොටුවට සිංහල ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ‍බ්‍රොහියර්ගේ වාර්තාවල සඳහන් වේ. 1761 ‍පෙබරවාරි 08 වනදා සිංහල ‍‍සේනාව ලන්‍‍දේසි බල‍කොටුව යටත් කර ‍ගෙන ඇත.
ක්‍රි.1645 දී ඉදි කරණු ලැබ මේ වන විටත් රට අභ්‍යන්තරයෙහි ඉතිරිව ඇති එකම විදේශීය යුද බළකොටුව ලෙස ගැනෙන කටුවන බළකොටුව ලෙසද මෙය හදුන්ව දිය හැකිය. මෙම බලකොටුව හංවැල්ල හා අවිස්සාවේල්ල යන බළකොටු වලට සමගාමීව ඉදිකර ඇත.
ගාල්ල, මාතර, යාපනය, ත්‍රිකුණාමලය, කල්පිටිය ආදී වෙරළාසන්න ප්‍රදේශයන්හි ලන්දේසීන් විසින් බළකොටු ඉදිකර ඇත. ඔවුන් වෙරළ තීරයේ මෙන්ම රට අභ්‍යන්තරයේ ද සිය යුධ ශත්කිය විහිදුවා සිය බලපරාක්‍රමය තහවුරු කළ බවට නිදසුනක් ලෙස මුහුදු සීමාවෙන් සිට සැතපුම් 20ක් පමණ ඔබ්බෙහි රුහුණේ ඈත ගම්මානයක ඉදිකර ඇති කටුවන කොටුව එම අදහසට වඩාත්  හොද සාධකයකි.
ක්‍රි.ව 1645 දී ලන්දේසීන් විසින් මාතර කොටුව ඉදි කිරීමෙන් අනතුරුව මහනුවර රාජධානිය හා ලන්දේසි බල ප්‍රදේශ අතර පිහිටි කඳුකර මාර්ගය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ස්ථානයේ බළකොටුවක් ඉදි කිරීමට තීරණය කරන්නට ඇත. මාතර මුහුදුබඩ ප්‍රදේශයේ සිට සබරගමුවට යා හැකි මාර්ගයක මෙම භූමි භාගය පිහිටා තිබීම හා බළකොටුවකට ඉතාම යෝග්‍ය බවත් පෙනී යාම නිසා බව පැහැදිලිය.
කටුවන බළකොටුව පිළිබඳ ඇති ඓතිහාසික සටහන් අනුව ක්‍රි.ව 1645 දී ලන්දේසීන් විසින් ඉදිකරන්නට යෙදුණු මෙම බළකොටුව දිග පළලින් අඩි 150 ක් වන චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලකි. මෙහි ප්‍රධාන කොටු පවුර පිටතින් අඩි 20 ක් පමණ උස වන අතර එහි අභ්‍යන්තරය දළ වශයෙන් අඩි 8 සිට 12 දක්වා වෙනස් වන උසකින් සමන්විතය. ප්‍රාකාරය විශාල ගල් කුට්ටි යොදා ගනිමින් හුණු බදාමයෙන් තනා ඇත. ගොඩනැගිල්ලට ප්‍රවේශ දොරටු තිබී ඇත්තේ එකක් පමණි. එහි වම් පසින් බළකොටුව තුළ ඉතා උස් වූ ගොඩනැගිල්ලක් තිබී ඇති අතර එහි ඔරලෝසුවක් ද සවිකර තිබී ඇත. එය යුද්ධෝපකරණ ගබඩාවට ඉහළින් දර්ශනය වූ බවත් කොටුවේ ප්‍රාකාරයට යාබදව දකුණු පසින් ප්‍රධාන අණ දෙන නිලධාරියාගේ නිල නිවස පිහිටා තිබූ බවත් කටුවන බළකොටුවේ ඓතිහාසික සැලැස්ම අධ්‍යයනය කළ නිරීක්ෂකයින් දක්වා තිබේ.
මිදුලේ දිග පැත්තෙහි ගබඩා ගෘහයක්ද එහි කෙලවර යුද්ධෝපකරණ තැන්පත් කළ දෙමහල් ගොඩනැගිල්ලක් ද තිබී ඇති අතර එහි ඉහළ මාලය සෙබළුන්ගේ පදිංචිය සඳහා වෙන් වී තිබී ඇත. බළ කොටුවේ තවත් කෙලවරක වෛද්‍ය උපකරණ වලින් පරිපූර්ණ ශල්‍යාගාරයක් හා ප්‍රධාන දොරටුවට වම් පසින් දිය පිරුණු විශාල ළිඳක් ද තිබී ඇත. නමුත් පැරැන්නන් පවසනුයේ එය ළිදක් නොව කොටු පවුර තුළ සිට වරාපිටිය වැවෙන් මතුවීමට තැනූ උමං ප්‍රවේශයක් බවය. එය සනාථ කරන කතන්දර අදත් පැරැන්නන් අතර පවතී.
මෙම බලකොටුවට දුර්භාග්‍ය දශාව එළඹෙනුයේ ක්‍රි.ව 1761 පෙබරවාරි මස 06, 07, හා 08 යන තෙදිනයන් පුරාම කාලතුවක්කු ද උපයෝගී කර ගනිමින් සිංහල සේනාව විසින් එල්ල කර ඇති අඛණ්ඩ ප්‍රහාරයන්ය. කොටුවේ ප්‍රධානදොරටුව මෙන්ම අභ්‍යන්තර ගොඩනැගිලි ද මේ ප්‍රහාරයන්ගෙන් විනාශ වී ගොස් තිබේ.
සිංහල නායකයින්ට බලවත් හිසරදයක්ව පැවති මෙම ලන්දේසි බලකොටුවේ ඇද වැටීම සංකේතවත් කරණුවස් මඩුවන් වල දිසාව විසින් කොටුවේ ප්‍රධාන ද්වාරයේ වූ ගල් උළු අස්ස ගලවා ගෙන ගොස් මඩුවන් වල වලව්වේ ප්‍රවේශ දොරටුවේ සවිකර ලදුව එය මේ දක්වා එම ස්ථනයේ දක්නට ඇත.
එකල ලන්දේසීන් ඕලන්ද ජාතිකයින් ලෙස හැදින් වූ ජන වර්ගයා අද හදුන්වනු ලබන්නේ නෙදර්ලන්ත ජාතිකයන් ලෙසය. තම මුතුන්මිත්තන්ගේ නිර්මාණයක් වූ කටුවන කොටුව නෙදර්ලන්ත රජයේ මූල්‍ය ආධාර යටතේ 2007 දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලැබ ඇත. පුරා විද්‍යා මෙන්ම අපූර්ව ගෘහ නිර්මාන තාක්ෂණයක වටිනාකමකින් යුත් මෙය පුරා විද්‍යාත්මක පර්යේෂනයන්හි යෙදෙන විශ්ව විද්‍යාල මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානයට ලක් කළ යුතු සුවිශේෂි ස්ථානයකි. දේශීය වශයෙන් මෙම ස්ථානය වඩාත් ජාතික ඇගයීමකට ලක් විය යුත්තේ සිංහලයේ අවසාන රාජ්‍ය පාලන සමයේ ජීවත් වූ දේශමාමක සටන්කාමී හෙළ විරුවන්ගේ ඔදවත් බව වත්මන් පරම්පරාවට කියාපාන රණබිමක සිහිවටනයක් වන බැවිනි.

Tuesday, July 11, 2017

මිලින වූ මල




















නැගී ආ නුබ ගැබින්
සද මඩල
එබුණා කුමුදු මලක්
වෙත
විකසිත වුනා එමල
රාත‍්‍රිය උදා වී
ඇති හෙයින්
නමුදු අන්ධකාරයට
බියෙන් සැ`ගවුනා
පුංචි රෝස මලක්
පෙති හකුළුවා
රෑ සීතලට
ඇසුනා ඉකිබිදුම් හඩක්
ඒ රාත‍්‍රිය පුරාවට...

Monday, July 3, 2017

ලොව ජනප්‍රියම බල්ලෝ


 
 
 
 
 
 
 
 
 
 
 
 
අපි හැමෝම සුනඛයන් ඇති කිරීමට වගේම ඔවුන් පිළිබද තොරතුරු දැන ගන්න හරි කැමතියි. ඒ නිසාම ඔබට දැනගන්නත් එක්ක ලෝකයේ ජනප්‍රියම සුනඛ වර්ග පහ ගැන විස්තර කියන්න මම හිතුව. මේ ලයිස්තුවේ පළමු තැනට පත්වෙලා ඉන්නේ Labrador Retriever කියන සුනඛ වර්ගය.ඉතා කීකරු  සහ බුද්ධිමත් සුනඛ වර්ගයක් ලෙස මොවුන් ජනප්‍රියයි.

මෙහි දෙවෙනි තැන Bulldog වර්ගයට හිමි වී ඇති අතර  මොවුන්ගේ මුහුණ එතරම් දැකුම්කළු නොවුනත් ආරක්ෂාවට සහ සුරතලයට මොවුන් ඉතා යෝග්‍ය බවයි කියවෙන්නේ.

German Shepherd නම් සුනඛ වර්ගය  ලොව ජනප්‍රියම බලු සුරතලුන්ගේ ලයිස්තුවේ තෙවෙනි ස්ථානයට පත්ව තිබෙනවා. ඉතා විමසිලිමත් සුනඛ ප්‍රභේදයක් වන මොවුන් ආරක්ෂක අංශවලට නැතිවම බැරි සාමාජිකයෙකි.

මේ  ලයිස්තුවේ හතරවෙනි ස්ථානයට පත්ව ඇත්තේ  Poodle කියන විශේෂයි. මොවුන් බටහිර රටවල මිනිසුන් සුරතලයට ඇති කරයි. Beagle සුනඛ ප්‍රභේදය පස්වෙනි ස්ථානයට පත්ව ඇත. මේ වර්ගයේ සුනඛයන්ට දිගු කන් සහ මදක් කුඩා ශරීරයක් හිමියි. ඉතින් මේ ලයිස්තුව ලොව පුර සිටින බලු සුරතලුන්ට කැමැත්තක් දක්වන පිරිස් අතරින් සමීක්ෂණය කොට සකස් කර තිබෙන අතරම මොවුන්ට අමතරව ශ්‍රී ලංකාව තුළ Rottweiler,Doberman,Dalman සහ Pomeranlan යන සුනඛ ප්‍රභේද ඉතා ජනප්‍රියයි.

උපුටා ගැනීමකි

Thursday, June 29, 2017

ඩිජිටල්කරණය වූ දැන්වීම්කරණය


 
 
 
 
 
 

 


දැන්වීම්කරණය සංකල්පයක් වශයෙන් ගත් කළ අතීතයේ සිට වර්තමානය දක්වාම විවිධ සමාජ අවශ්‍යතාවන්ට අනුව කලින් කලට වෙනස් මාවත් තුළ ගමන් කරයි. අතීතයේදී කට හඬ සහ ශබ්ද වශයෙන් ඵලදායී සන්නිවේදනය සිදු කෙරුණු අතර, අනතුරුව රූප,පුවත්පත් සහ ගුවන්විදුලිය, රූපවාහිනිය වැනි විද්‍යුත් මාධ්‍ය ඒ වෙනුවෙන් භාවිත කෙරිණි. විටින් විට සිහි කැඳවන තත්පර 30 ක රූපවාහිනී දැන්වීමක ඵලදායීතාව සහ වියදම් කාර්යක්ෂමතාව වර්තමානයේ  ඩිජිටල්කරණය හමුවේ අභියෝගයට පත්ව ඇති ආකාරය පිළිබඳ විමසීමේදී ඉහත කරුණ වඩාත් හොඳින් තහවුරු වේ. මන්ද, වර්තමානයේ පාරිභෝගිකයන් නියෝජනය කරන බහුතර පිරිස නිෂ්පාදනල සේවා සහ සන්නාමයන් පිළිබඳ තොරතුරු ගවේෂණය සඳහා වැඩි වශයෙන් සමාජ ජාල වෙත නැඹුරු වීමයි. ලෝකය බොහෝ රටවල්වලසේම අපේ රටේද මේ තත්වය දැන් වර්ධනිය තත්ත්වයට පත්ව ඇත.

ඒ අනුව  ශ්‍රී ලංකාව තුළ දල තාක්ෂණයේ  වර්ධනයත් ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, ඒ නිසාවෙන් වාණිජ ලෝකය ජය ගන්නට  ව්‍යවසායකයන්ට මහගු පිටුවහලක් වී ඇත. වාණිජ සංකල්පය තුළ තාක්ෂණික ව්‍යවසායකයන් විශිෂ්ට සහ නව්‍යකරණ සේවා රැසක් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇත. වත්මන් පාරිභෝගිකයා, නිෂ්පාදන සහ සේවාවන්වලින් ඔබ්බට යමින් කිසියම් සමාගමක් සමාජ සුබසාධනය, මිනිසාගේ සෞඛ්‍යය සහ පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් දක්වන කැපවීම පිළිබඳව ද සිය අවධානය යොමු කරයි.

මෙම නව ප්‍රවණතා පිළිබඳ සැලකීමේ දී අලෙවිකරුවන් සහ දැන්වීම්කරුවන් සම්ප්‍රදායික බැමිවලින් මිදී පවතින සමාජ යතාර්ථය අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ. විනෝදාස්වාදයල විනෝද අධ්‍යාපනය වෙනුවෙන් මෙන් මල අවංක හැඟීමෙන් යුතුව යහපැවැත්ම වෙනුවෙන් කැපවන සමාගම් මිනිසා විසින් අනුමත කෙරෙන අතර එම කීර්ති නාමය අනෙකා සමග බෙදා හදා ගැනේ. ඒ අනුවල අපි යළිත් වරක් අතීතයේ පැවති කට වචනයෙන් ප්‍රචාරණය කිරීමේ වකවානුවකට පිවිස ඇත්තෙමු. විටින් විට සිහි කැඳවීමේ සම්ප්‍රදායය දැන් වියැකී ගොසිනි.

ඉලක්කගත අන්තර්ජාල ප්‍රචාරණයල විනෝද අධ්‍යාපනික අන්තර්ජාල වීඩියෝල සහභාගී උත්සව සහ තාක්ෂණික නවෝත්පාදන භාවිතාවන් දැන්වීම්කරණය තුළ ප්‍රබල බලපෑමක් ඇති කරයි. සමාගම්, සංවිධාන ඩිජිටල්කරණ අභියෝගයට සූදානම් කරවීමට පෙර අලෙවිකරුවන් සහ දැන්වීම්කරුවන් එහි ඇති බලය පිළිබඳ විශ්වාසය තැබිය යුතුය. සම්ප්‍රදායික මාධ්‍යයට සමගාමීව ඩිජිටල් මාධ්‍යයට පිවිසීම මගින් ප්‍රබල බලපෑමක් සමාජය තුළ ඇති කළ හැකිය. එය අනාගතය තුළ නොවත වර්තමානය තුළ සිදු වෙමින් පවතින්නකි.

 

 


 

 

 

Monday, June 26, 2017

ගෙවී යයි කාලය


 

 

 
 
 
 
 
 
බක් මහ සද නිවී ගොස්
වෙසක් සද උදා වුණා
වෙසක් සද දෙස බලන්නත් කලියෙන්
මෙන්න පොසොන් සද ඇවිදින්
එබිකම් කරනවා       
අපිටත් හොරෙන්
වසරක මධ්‍යහ්නට ඇවිදින්
ගෙවී යන බව
දැනුනේ එවිටයි
සබද

 

Saturday, June 3, 2017

ආදරය


 

 
 
 
 
 
 
මට අතීතයක් නැත
වර්තමානයක් නැත
අනාගතයක් නැත
මටම කියා භාෂාවක් නැත
මටම කියා භූමියක් නැත
මටම කියා ආගමක්, ජාතියක් නැත
මම පූජනීයයිලූ
මම අව්‍යාජයිලූ
මම වෙලාවකට දරුණුයිලූ
මේ ලෝකේ හැමෝම මාව
හදුන්වන එක නමක් තියෙනවා
ඒ ආදරය.......................
 
 

විලාසිත ලොව වෙනස් කල chenal












 
ෂැනල් කියන වෙළද නාමය කා අතරත් ජනප‍්‍රියයි.විශේෂයෙන් ජනප‍්‍රියභාවයට පත්ව ඇත්තේ ෂැනල් කියන සුවද විලවුන් නාමයයි.මීට අමතරව ආලේපන ඇදුම් විලාසිතා හිස් වැසුම් ආභරණ අත් බැග් පාවහන් ඇතුළු විලාසිතා සියල්ලම පිටුපස මේ නාමය දැවැන්තව වැජඹෙයි. මේ සියලූම දේ පිටුපස තිබූ ෂැනල් නාමය එක්තරා විසේතාර තරුණියකගේ මිහිකත මත සැබෑ වූ සිහනයකි.ෂැනල් නාමය සුන්දර වුවද ඇගේ කතාව ඉතා දුක්ඛිත ය.
අපි හැමෝටම මේ ලෝකයට පැමිneන විට අපේ කතාව ලියන්න විවිධ වර්ගයේ පාට ලැබෙනවා. ඒ හැම පාටකින්ම අපි අපේ ජීවිත කතාව ලියා ගන්න උත්සාහ කරනවා.  ඒ වගේ තම ජිවිත් කතව ලස්සන කර ගත්ත කෙනෙක් ගැනයි මේ කියන්නේ. ග‍්‍රාම්බියෙල්ලා ෂැනල් 1883 අගොස්තු 19 වනදා ප්‍රංශයේදී උපත ලබනවා.වයස අවුරුදු 6ක් වන විට ඇගේ මව මියනවාග පියා සමග තනිවන ඇයට පියා වෙළදාමේ නිසා පියාට ඇය කරදරයක් වනවාග ඵියා ඇය අනාත නිවාසයකට බාර දෙනවා. ඇය වයස අවුරුදු 18 වනතෙක් මේ ලමා නිවාසයේ ගත කිරීමට සිදු වෙනවා.ඈට එහි වාසය කරන කාලය තුළ ඇයට විවිධ අඩන්තේට්ටම් සිදු වන අතර තම සෙනෙහෙවන්තියන් සිහි වීම නිසාම ඇය සිය දහස් වරක් ළමා නිවාසය තුළදී අඩනවා. නමුත් ඇගේ දුක කිසිවෙකු බැලූවේ නැහැ. ඇය හිත දැඩි කරගෙන එයින් නික්මෙන නමුත් ඇය අහි වාසය කල කාලය තුළ මැහුම් ගෙතුම් පිළිබද ඉගෙන ගනු ලබනවා.
ඇය මහලූ නිවාසයෙන් පිට වි ගොස් විවිධ රැකියාවන්හි නිරත වෙනවා. ඒ අතරින් සමාජ ශාලාවල සින්දු කියන රැකියාව ඇය කැමැත්තෙන් කරනු ලබනවා. ඇයට එහිදි හමුදා සෙබලූන් හදුනා ගත හැකි වෙනවා. හේතුව වුයේ හමුදා නිලධාරින් වැඩි වශයෙන් පැමිණෙන නිසාවෙනි. ඇගේ කටහඩේ තිබූ සුවිශේෂත්වයත් ඊට හේතුවක් වුණා.  මේ ගෙවුනු කාලය තුළ ඇය තම කුඩා කාලයේ නොලැබූ ආදරය සොයා ගෙන යන්නට විය. නමුත් ඒ සම්බන්ධතා විවාහය දක්වා ගෙන යාමට නොහැකි විය.ඇයට වයස අවුරුදු 20ක් වෙද්දී ඇගේ සිතට එබෙන එතියන් බෙල්සන් සමග විවාහ වීමට හැකි වෙනවා. එය ඇගේ ජීවිතයට ආලෝකයක් විය.  ඇය ඉන්පසු තමා ළමා නිවාසයේ ගත කරන කාලයේ ඉගෙන ගත් මැහුම් ගෙතුම් ශිල්පයෙන් වැඩක් ගැනීමට හැකි වෙනවා. ප‍්‍රථමයෙන් කාන්තාවන් සදහා හිස් වැසුම් නිර්මාණය කරනු ලබනවා.ජේත්තුකාර යුවතියන් විලාසිතාවලට කැමති බව ඇය දැනගෙන සිටියා.මේ අතර කාලයේ තම සැමියාගේ මිතුරෙකු වූ ආතර් බෝයි සමග සබදතාවයක් ගොඩ නගා ගනු ලබනවා. වසර දෙකක් වූ ප‍්‍රංශ පේමයට තිති තබා සුදු තරුණයා සමග විවාහ වන ෂැනල් තම විලාසිතා නිරිමාණකරණය දිගටම කරගෙන යනු ලබනවා. එමෙන්ම ඇය සිය හිස් වැසුම් හා කාන්තා ජර්සි  විලාසිතා අලෙවි කර ගැනීම සදහා සාප්පු කිහිපයක් ආරම්භ කරනු ලබනවා.ඇය ප‍්‍ර.ශ විලාසිතා ලෝකය උඩුයටිකුරු කරනු ලබනවා. විලාසිතා යනු කිසියම් කාල සීමාවක් තුළ තුළ සිදුවන සමාජ ආර්ථික හා සංස්කෘතිමය කාරණා සමග පැමිණ මිනිසුනගේ ජීවන රටාවන් කෙරෙහි බලපෑම් කරනු ලබන එක්තරා වශාවහාරික කලාවකි. නමුත් ෂැනල්ගේ විලාසිතාකරණය කාලයක් තුළ සමාජයේ අල්ලලා හිටිනවා. මේ කාලය වන විට ඇයට මේ විලාසිතාකරණය කරගෙන යාම සදහා මහත් පිටුබලයක් ඇගේ සැමියා වූ ආතර් බෝයිගෙන් ලැබෙනවා. නමුත්  ඇගෙන් ඒ සියල්ල් උදුරා ගනිමින් වසර 9ක් වූ ඔහුන්ගේ  විවාහ ජීවිතයටන දුක පැමිණෙනවා. ෂැනල්ගේ ආදරණීය සැමියා වූ ආතර් බෝයි රිය අනතුරකින් මිය යනවා. ඇය පවසන්නේ ඇයට එය දරා ගත නොහැකි වූ බවයි. ඇය අහිමි විම් මැද ජීවිතය ජය ගත් කාන්තාවක් නිසාම ඇය ඒ අහිමි විම් දරා ගෙන ඉදිරියට යනවා. ඇය එහි ප‍්‍රතිඵලයක් ලෙස 1929 ප‍්‍රථම සුවද විලවුන් නිෂ්පාදනය ප‍්‍රංශයට හදුන්වා දෙනවා. එය ප‍්‍රංශයේ කඩවල සියලූම රාක්ක අල්ලා ගනු ලබනවා. ප‍්‍රංශයේ යුවතියන්ට ෂැනල් සුවද විලවුන් බෝතලයක් ළග තබා ගැනීම විලාසිතාවක් බවට පත් කිරිමට ෂැනල්ට හැකි විය. Chanel 5   මායාවක් බවට පත් විය. එය කෙතරම් ලෙකු උන්මාදයක් බවට පත් වුයේ ද යත් ආදරයට නම් දැරු ප‍්‍රංශ හාදුව තරම් ම වටිනා දෙයක් බවට chanel 5 සුවද විලවුන් බෝතලයක් ත්‍යාගයක් ලෙස ලැබීම යුවතියකගේ සිත වසග කර ගැනීමට සමත් වෙනවා. විලාසිතාවක අමතක කළ නොහැකි අංගයක් බව ෂැනල් පවසයි.මේ අකාරයට වසර ගණනාවක් ඇතුළත ෂැනල් සමාගත ප‍්‍රංශයේ විලාසිතාකරණය තුළ ප‍්‍රමුඛ නාමය බවට පත් කරන්නට හැකි විය.
ත්‍ම් අතර කාලය තුළ තනිකඩ ජීවිතයක් ගත කළ ෂැනල්ගේ සිත වර්තයිමර් නැමති තරුණයා කෙරේ  ලං වෙනවා. ඇය 1923 දී කොරලය රහිත ජැකට්ටුව හදුන්වා දෙනු ලබනවා. ශරිරයේ රූපකාය බේරී පෙනෙන තරම් වූ මේ ජැකැට්ටුව ප‍්‍රංශ යුවතියන් රැඩිකල් වෙනසකට මුල පිරුවා. එසේම ඇය ධනවත් කාන්තාවන් මේ විලාසිතා හදුනවා දීමේ දී ඉලක්කය බවට පක් කර ගන්නවා. හේතුව ඔවුන් සිය ස්වකීය සිරුර විලාසිතාවන්ගෙන් සරසන්න්ට කැමති බවත් එය ෂැනල් විසින් මනාව ඉටු කරන ලැබුවා. ඇය විසින් කළු කෙටි ගවුම් විලාසිතාව හදුන්වා දීමද ඇගේ සාර්ථක වූ අත්හදා බැලීමකි. මේ සියලූ විලාසිතාවන් දෙස ප‍්‍රංශය මෙන්ම ලෝකය අනෙකුත් ගැනුම්කරුවන්ද වෙනස් ඇහැකින් බලන්නට ඇයට හුරු කරන්නට හැකි වුණා.
වෛර්ණ විලාසිතා අතර සංකීර්ණ නොවූ සරල විලාසිතාවකට දිගුකල් පැවැත්මක් ඇති බව ෂැනල් විශ්වාස කරනු ලැබුවා.විලාසිතා කාලයෙන් කාලයට පැමිණෙන ස්වභාවික දෙයකි. නමුත් ෂැනල්ගේ විලාසිතා කාලයක් සමග වෙනස් නොවන විලාසිතාවක් බවට පත් කරන්නට ඇයට හැකි වෙනවා.ඒ වගේම විලාසිතා ලොව වෙනස් කරන්නට හැකි වෙනවා. සිරිතක් ලෙස අළු පැහැය සහිත අහස් වියන ඉල්ලා සිටිනා ප‍්‍රංශ වැසිවන්ට කළු පැහැයෙන් වස්ත‍්‍රාභරණ විලාසිතාකරණය යෙදීමට අවශ්‍ය වුණා. බොහෝ කාලයක් එය පැවතිනවා. ෂැනල්ට ඒ දේ කල හැකි වූ නිසා ඇය රැලි හදන්නියක් නොව සම්ප‍්‍රදායන් සාදාන්නියක් විය.
ඇය සිදු කරන ඊළග පෙරළිය වුයේ පිරිමි විලාසිතා කාන්තාවන්ට හදුන්වා දීමයි. ඇගේ විලාසිතා හොලිවුඞ් තාරාකාවන් සදහා නිර්මාණය කරන්නට ඇයට හැකියාව ලැබෙනවා. අනෙකුත් දැවැන්ත විලාසිතා නාමයන් අතර ෂැනල් නාමය ද අද්විතීය නාමයක් බවට පත් විය. ලොව ඇති හොදම වර්ණය ඔබට වඩාත් ගැලපෙන වර්ණයයියන්න ෂැනල්ගේ ආයතනයේ ආමන්ත‍්‍රණයයි. නිව්යොර්ක්,මිලාන්, පැරිස් හා ලන්ඩන් වැනි සුපිරි විලාසිතා දැක්මවල් හා ඇන්ජලීස්, තොකියෝ ,පොලෝ ,සිඞ්නි හා ඩුබායි වැනි විලාසිතා වැඩමුළුවලද ෂැනල්ට ප‍්‍රමුඛ තැනක් හිමි වුණා.
මෙසේ විලාසිතාව ප‍්‍රංහය මෙන්ම ලෝකයම උමතුවක් බවට පත් කරන්නට වෙහෙසුනු මේ නිර්මාණශීලී සුරුපිනියගේ අවසන් තත්ත්පර කිහිපය වර්ෂ 1971 වෙදදී ගෙවෙමින් තිබුණා. 1971 ජනවාරි 10 ඇය ඇගේ අවසන් හුස්ම පොද වා තලයට මුසු කලා. ඒ වනවිට ඇය මුළු ලොවම ඇගේ වසගයට ගෙන අවසන්. ප‍්‍රංශය යනු හැම දෙයකින්ම පුරෝතාමී රටක්. පැරිසිය පුරෝගාමී නගරයක්. ඉර හද සරසන කලා නිර්මාණ ,අවන්හල් ,කොපිහල්  නේක විලාසිතා රජ දහන, සමාජ ශාලා ,විලාසිතාගාර ,කලාගාර ආදී දේ අතර ෂැනල් නම් විලාසිතාවේ වෙළද නාමය දඉහළ තැනක් හිමි කර ගැනීමට හැකි වෙනවා.