Saturday, January 14, 2017

ගීතය හා රුපරචනා කලාව





වර්තමානයේ මෙන්ම අතීතයේ පිරිස්ද සංගීතය ප්‍රිය කරනු ලබනවා වර්තමානෙය් ඊට වෙනස් අර්ථයක් ලබා දීමට නව පරපුරේ පිරිස් උත්සාහ කරනු ලබනවා. ඒ ගීතයට රූප රචනාවක් නිරිමාණය කිරිමෙනි. එයින් සිදු වෙලා තිබේන්නේ ගීතය රසය වෙනස් වී යාමක් පමණි.ඒ නමුත් මේ කිසිවක් නොතිබූ එදා ගීතවලට වර්තමානෙය් ද ඉතා ඉහළ පිළිගැනීමක් හා වටිනාකමක් හිමි වී තිබුණා.සිදු වී ඇති ඛේදවාචකය වන්නේ පැරණි ගී සදහාද වර්තමානයේ රුප රචනා නිර්මාණය කිරීමයි. ගීතයට විකෘතිතාවයක් මිසක් ඉන් අර්ථයක් ලැබෙන බවක් වර්තමාන ගීත සදහා නිරිමාණය වී ඇති රූප රචනා දෙස අවධානය යොමු කිරිමේදී පැහැදිලි නොවේ.නමුත් රැල්ලට ගීත සදහා රුප රචනා නිර්මාණය කරන බවක් දැක ගත හැකියි. ඉන් ගීතයට සධාරණයක් ඉටුවන බවක් දැක ගත නොහැකියි.හේතුව ඒ සෑම රුප රචනවාක්ම ගීතයේ පද වැල හා නොපෑහෙන නිසාවෙනි.

එයින් සිදු වී ඇත්තේ   වර්තමානෙය් ප්‍රේක්ෂකයා ගීතය රසවිදනවා වෙනුවට රූප රචනය කෙරහි වැඩි අවධානයක් යොමු කරන අතර ඔවුන් ගීතෙය් අර්ථය ද රෑප රචනය අනුව තීරණය කරනු ලබයි. ඒ මගින් සිදු වී ඇත්තේ කලාක්මක හා ඉහළ රස වින්දනයක් පවතින ගීතයක් වුවද රූප රචනය ඔස්සේ කියවීම නිසා අරැත් සුන් වී යාමකි. තවද නිර්මාණකරැවන්ද වර්තමානෙය් රූප රචනය ගැන වැඩි අවධානයක් යොමු කරන ලබයි.

 ඔවුන් ගීතයක් නිකුත් කල පසු පවසන ද් සමග පැහැදිල එය පැහැදිලි වේ. ඒ නිසා සිදු වී ඇත්තේ සිංහල ගීත සාහිත්‍යය පිරිහීමකි. අර්ථවත් රූප රචනාවන් නිර්මාණය කරන්නේ නම් ඒය සිදු විය යුත්තකි. නමුත් සිදු වන්නේ එය නොවේ.  රූප රචනා සදහාම වූ මියුසික් විඩියෝ කලාවක් වර්තමානෙය් බිහි වී ඇත්තේ ද මේ නිසාවෙනි. තවද වර්තමානයේ සිදු වී ඇත්තේ ගීත සදහා සම්ම්මාන දීම වෙනුවට රුප රචනා සදහා සම්මාන දීම තවත් ඛේදවාචයකි.

                                                                                                          

                                                                                                   

Thursday, January 12, 2017

අසරණයා









කන්නට බොන්නට ඇත
ඉන්නට හිටින්නට ඇත
යන්නේ පාරේ බස් එකෙන්
නැත ඇත රැදි ස්මාර්ට්ෆෝන් එක
ගසා ගෙන නැත
ඇග පටලවාගෙන වයර් එක
කන්නේ කෙසෙල් කොලේ බත එක
හැම්බෙකන් අනේ නැත
වැඩ කරන්නේ රජයේ කන්තොරුවෙයි
නැත යන්නට ප්‍රයිවට් ෆර්ම් එකක්
අනේ ඔහු මේ කුරිරු සමාජයේ
අසරණයෙකි

නිමාවේවිද අරගලය






මිනිසුන් ඕනෑම දෙයක් දිනා ගන්න හරි කැමතියි. ඔවුන් ඒ දිනා ගන්න යන දේ මොනවා උනත් උත්සාහය අත්හරින්නේ නෑ. දෙයක් දිනා ගන්න නම් අරගල කරන්නම වෙනවා. ඇයි මේ අරගල කරන්නේ. උදාහරණයක් විදියට සමාජයේ සරල කාරණාවක් වන පෙම්වතෙක් තම පෙමව්තියේගේ ආදරය දිනා ගන්න ලොකු අරගලයක් කරනවා. ඒ වගේම ඇය ජිවන සහකාරිය කරගන්න,ඊටත් පස්සේ ජිවිත ගමන ගෙනියන්න ලොකු අරගලයක නිරත වෙනවා. එලෙස නොකරන්නේ කවුද? එය මුළු මහත් සමාජයටම පොදු වූ කාරණාවක්. මෙලෙස සාමාන්‍ය ජීවිතය ගෙනියන්න අරගල කරන පිරිස අතරේ යම් කිසි අරමුණක් වෙනුවෙන් එකට එකතු වෙලා අරගල කරන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස් සුවිසේශි අරමුණක් වෙනුවෙන් එය සාක්ෂාත් කරගන්න අරගලයේ නිරත වෙනවා. ඔවුන් එහිදී දිවි පරදුවට තියල අරගලයේ නිරත වෙන්නේ. එයයි ඔවුන්ගේ සුවිශේෂත්වය.ඔවුන් කිසිම බලවේගයකට නතර කරන්න බෑ. ඒ වුනත් ඕනෑම රටක රජය මේ පිරිස් මර්දනය කරනවා. මෙලෙස අරගල කොතෙකුත් රජය විසින් මර්දනය කරනු ලැබූ අවස්ථා අපි අහල දැකලා තියෙනවා.

ඒ මර්දනය හරි කුරිරුයි.දැඩියි. ඒ වුනත් අරගලය කරන්නෝ මේ සියල්ල දැනගෙන ඒ බරපතලකම ගැන අල්ප මාත්‍රයක් නොසිතා තම අරමුණ වෙනුවෙන් ඉදිරියට යනවා. අරගලය මානව සමාජයේ ආරම්භයේ සිට අද දක්වාම නිමාවට පත් නොවන අරගලයක් බවට පත් වී අවසන්.අරගලයේදී මිනිස්සු කෑ ගාසා දේවල් ටිකක් ඉල්ලනු ලබනවා. පාලන තන්ත්‍රය ඒ දෙස බල සිටිනවා. ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිනවා. විටෙක මර්දනය  ඉතා කුරිරැ ලෙස ඔවුන්ට හිමි කර දෙනවා. අරගලයේ නිරත වන්නන් කිසිම විටෙක මර්දනය නිසා පසු නොබසින  අතර තවත් දිනයක මහා මගට බැස කෑමොර නගයි. ඉතින් අරගලයේ නිමාවක් කෙලෙස සටහන් කල හැකිද?