Wednesday, May 10, 2017

ජපන් සංස්කෘතියේ වගතුග









 

ජපානය සංවර්ධනයේ යෝධ පියවර තබමින් ඉදිරියට යන රටක් ලෙස හදුනා ගෙන තිබෙනවා.විශේෂයෙන් ජපානය තාක්ෂණය අතින් ප්‍රබල රටක් ලෙස හදුනා ගත හැකියි. ඒ සමාන ලෙසම ඔවුන්ටම අවේණික වූ විශිෂ්ට සංස්කෘතියක් හිමි වෙලා තිබෙනවා.ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාව ලෙස සැලකුවද ජපන් ජාතිකයන් ස්වකීය භාෂාව ජාත්‍යන්තර භාෂාව කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරයි.ශ්‍රී ලංකාව තුළද  අද වන විට ප්‍රචලිතව ඇත. ජපන්  සංස්කෘතිය පිළිබද විමසීමේදී සම්ප්‍රදායික ආසියානු සංස්කෘතිය හා බටහිර නවීන සංස්කෘතියේ සංකලනයෙන් බිහි වූ ඔවුන්ටම අවේණික සංස්කෘතික රටාවක් හිමිය.

 ඒ අනුව ජපානයේ සම්ප්‍රදායික සන්ස්කෘතිකක නාට්‍යය සදහා විශේෂ වැදගත්කමක් හිමි වේ. සම්ප්‍රදායික නාට්‍යය අතර කබුකි, නෝ,ක්යෝගෙන්  හා බුන්කුර වේ.  17 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී ආරම්භ වූ කබුකි නාට්‍ය ,රංගන ශිල්පීන්ගේ ලාලිත්‍යමය වූ කතා විලාශය, නෙත් ඇදගන්නා සුළු ඇදුම් ආයිත්තම් හා රුපලාවන්‍ය උපක්‍රම මෙන්ම වේදිකාවේ  රංගනය තීව්‍ර කිරීමට යොදා  ගන්නා කාර්මික ක්‍රමොපයන්ගෙන්ද  සමන්විත් වන අතර මෙහි විශේෂත්වය වන්නේ ගැහැණු චරිත පවා පිරිමි අය රග දැක්වීමයි. නෝ නාට්‍ය  පැරණිම සංගීත නාටක ක්‍රමයක් වන අතර නාට්‍ය සදහා දෙබස් පමණක් නොව ගායනය, සංගීතය නැටුම් ද ඇතුලත් වේ. මේ නාට්‍යවල දි වෙස් මුහුණු පැලදීම විශේෂත්වය වේ. ක්යෝගන් සම්ප්‍රදායික විකට නාට්‍ය විශේෂයකි.මේ නාට්‍යවල ක්‍රියා හා දෙබස් විශේෂ ශෛලියකට අනුව රග දැක්වේ. නෝ නාට්‍ය අතරතුර මේ නාට්‍ය  රග දැක්වුවත් දැන් දැන් ක්යෝගන් නාට්‍ය පමණක් ප්‍රදර්ශනය කරන අවස්ථාද තිබේ. බුන්කුර  16 වන ශත වර්ෂයේ අග භාගයේ ජනප්‍රිය වූ රුකඩ නාට්‍ය විශේෂයකි.

තේ සංග්‍රහ උත්සව සහ ඉකෙබන වැනි වෙනත් සම්ප්‍රදායික කලා අද ජපන් ජන ජිවිතයේ සජීවී අංග බවට පත්ව ඇත. තේ පානොත්සවය අමු තේ කොළවලින්  තේ සාදන පියවර කිහිපයකින් යුත් සංග්‍රහයකි. මෙය ‘‘සදෝ’’ නමින් හැදින්වේ.මෙම චාරිත්‍රය තේ සැදීමට වඩා සංකීර්ණ කටයුත්කි.දැනුම හා සංවේදී බව ඉතා පුළුල් පරාසයක දිවෙන උසස් කලාවකි. සදෝ මගින් ජිවිතයේ පරමාර්ථ මෙන්ම සොබාදහම අගයකිරීමද ප්‍රගුණ කෙරේ. ශතවර්ෂ 7ක් පමණ කාලයක් තුල විකාශය වූ ජපන් භාෂාවෙන් ‘’ඉකෙබානා’’ ලෙස හැදින්වෙන අතර ආරම්භය පැරණි බෞද්ධ මල් පුජා කිරීමේ සිරිත හා බැදී  ඇත. මෙහිදී සිදුවන්නේ හුදෙක් සැරසිලි සදහා මල් පාවිච්චි කිරීම නොවන අතර එක් එක් සැරසිල්ලට යොදා ගන්නා පැළෑටි කොටස් ගන්න භාජනය ,මල් කොළ හා අතු ඉති සැරසිල්ල තබන ස්ථානය පිළිවෙල හා තු වෙනස්කම් ආදී මේ සාම අංශයක්ම සැලකිල්ලට ගෙන සැරසිමයි.

ජපන් ආහාර රටාවටද විශේෂ වැදගත්කමක් හිමි වේ. සාමානයෙන්  ජපන් කෑම වේලකටම තැම්බූ සුදු බත් සමග ප්‍රධාන වශයෙන් මස් හෝ මාළු හා මිට අමතරව පිසින ලද එළවළු හා මිසො නම් සුප් වර්ගයක් හා අච්චාරු මෙන් සැකසු එළවළු අඩංගු වේ. බත් ඇලෙනසුලු නිසා ‘‘හෂී’’ නම් ලී කෝටුවලින් කෑමට ගනු ලබයි.වර්තමාන ජපන් ජනයා යුරෝපය ,උතුරු ඇමෙරිකාව හා ආසියාව වැනි ලොව  පුර රටවල කෑම  වර්ග ආහාරයට ගනිති. කෑමට පෙර  ජපන් ජනයා ‘’ඉතදකිමසු’’ යයි කියනු ලැබේ. ‘’මේ කෑම පිලිගන්නවා’’ යන තේරුම ඇති මෙය, කෑම වේල සකස් කිරීමට එක් වූ සැමට ස්තුති කිරීමකි. කෑමෙන් පසුවත් ඉතා හොද කෑම වේලක් යන තේරුම ඇති ‘’ගොවිසෝ සමදෙශිතා’’කියා නැවත ස්තුති කරයි. සශුම් සුෂී තෙන්පුර ඔවුන්ගේ ආහාර අතර ප්‍රධාන වේ.

ජපානයේ ඇදුමට ද විශේෂත්වයක් හිමි වන අතර ඔවුන්ගේ චිරාගත ඇදුම කිමොනවයි. සාමානයෙන් සේදවලින්  සාදන ලද කිමොනවට විශාල ඇත ඇති අතර උරහිස සිට දෙපතුල් දක්වා දික්වේ. බද වටා ඔබි නමැති පළල් පටියක් බදිනු ලැබේ. කිමෝනෝ දැන් සාමාන්යෙන් අදින්නේ උත්සව අවස්ථාවලදී  පමණි. මේ උත්සව නම් ෂිව් ගො සාන් ,විවහොත්සව හා උපාධි  උත්සව ආදියයි. එදිනෙදා ඇදුම් සදහා ලමුන් හා තරුණ අය ටීෂර්ට් ,කලිසම් ,පොලෝ කමිස හා ක්‍රීඩා ඇදුම් වලට වැඩි කැමැත්තක් දක්වන්නේ එම ඇදුම ඉතා පහසු බැවිණි.

සුමෝ යනු ජපානයේ ජාතික ක්‍රීඩාවයි. දෙවියන් සතුටු කිරීම සදහා පවත්වන ලද උත්සවක් ලෙස ආරම්භ වූ මෙය වර්තමාන වන විට ක්‍රීඩාවක් බවට පත්ව තිබේ.ශින්තෝ ආගමට අනුව කෑම, අස්වැන්න ආදිය ලබා දෙන්නේ පොලවට අධිපති දෙවියන් සතුටට පත් වීමෙන් බවත් එනිසා දෙවියන් සතුටට පත් කිරීම සදහා මෙම ක්‍රීඩාව පවත්වයි. මුල් කාලයේ සුමෝ ක්‍රීඩකයන්ගේ ශරීර ශක්තිය දෙවියන්ට ප්‍රදර්ශනය කිරීම සදහා ,මෙය පවත් වූ අතර පසු කාලයේ මෙය ක්‍රීඩාවක් බවට පත් විය. මෙම ක්‍රීඩාවේ අදියර 16ක් ඇති අතර අවසාන අදියරේදිනන පුද්ගලයා ශුරය බවට පත් වේ. ප්‍රබල ක්‍රීඩකයින් දිනීමෙන් දෙවියන්ගේ හිත සතුටට පත් වන බවත් .එවිට අස්වැන්න වැඩියෙන් ලැබෙන බවත් ජපන් ජාතකයන් විශ්වාශ කරයි,

ජපානයට බටහිරින් ගෙන් ආ සංස්කෘතිය අද වන විට ඉතා ජනප්‍රියය. බොහෝ දෙන බටහිර සංගීතයට ඇලුම් කරයි.අද වන විට සිනමාව විශාල ජයග්‍රහණ ලබා ගෙන ඇත. 1951 දි වැනිසියේ චිත්‍රපටි උළෙලේදී අකුර කුරසෝවා ස්වර්ණ සිංහ සම්මානය ජයග්‍රහනය කල පසුව ජපන් සිනමාවට ලෝක අවධානය යොමු විය.

 

මහපාර











විසල් අහසේ
විදී අද්දර
හඩන සුනීත සෝපාකලා
ලයේ දරු දුක රදවාගෙන
අසරණව දෑත් දිගු කරන්
තම කිරි කැටියන්  රකින්නට
පිහිට පතමින් මග බල සිටිනා
පටාචාරාවන්, කිසගොතමියන්
අනන්තවත් පසු කරන්
ඒ දෙසත් නොබලා කලබලෙන්
ඇදී යන්නේ
කෝට් ඇගලාගත් ලොකු මහත්වරුන්
දිළිසෙනා ඔවුන්ගේ
සර්වපිත්තල ලෝකයට

                                      

                               

Tuesday, March 28, 2017

ගැහැනිය















මව් කුසින් මිහි බට
එළිය දුටු දා ලෝකයේ
අහිංසකය සුරතල්ය
නමුත්
පා තැබූ දින
කුරිරු මිනිසුන් වෙසෙන සමාජයට
ලැබුනේ ගැරහුම් චෝදනමය
දුන්නේ අන් අයහට
පසිදුරන් පිනවනා පහසමය
අවසනදී
තවකෙකුට ජීවය දී
මිලින වී යන්නේ
ඇයයි
දුක සතුට සම සිතින් විද



Saturday, January 14, 2017

ගීතය හා රුපරචනා කලාව





වර්තමානයේ මෙන්ම අතීතයේ පිරිස්ද සංගීතය ප්‍රිය කරනු ලබනවා වර්තමානෙය් ඊට වෙනස් අර්ථයක් ලබා දීමට නව පරපුරේ පිරිස් උත්සාහ කරනු ලබනවා. ඒ ගීතයට රූප රචනාවක් නිරිමාණය කිරිමෙනි. එයින් සිදු වෙලා තිබේන්නේ ගීතය රසය වෙනස් වී යාමක් පමණි.ඒ නමුත් මේ කිසිවක් නොතිබූ එදා ගීතවලට වර්තමානෙය් ද ඉතා ඉහළ පිළිගැනීමක් හා වටිනාකමක් හිමි වී තිබුණා.සිදු වී ඇති ඛේදවාචකය වන්නේ පැරණි ගී සදහාද වර්තමානයේ රුප රචනා නිර්මාණය කිරීමයි. ගීතයට විකෘතිතාවයක් මිසක් ඉන් අර්ථයක් ලැබෙන බවක් වර්තමාන ගීත සදහා නිරිමාණය වී ඇති රූප රචනා දෙස අවධානය යොමු කිරිමේදී පැහැදිලි නොවේ.නමුත් රැල්ලට ගීත සදහා රුප රචනා නිර්මාණය කරන බවක් දැක ගත හැකියි. ඉන් ගීතයට සධාරණයක් ඉටුවන බවක් දැක ගත නොහැකියි.හේතුව ඒ සෑම රුප රචනවාක්ම ගීතයේ පද වැල හා නොපෑහෙන නිසාවෙනි.

එයින් සිදු වී ඇත්තේ   වර්තමානෙය් ප්‍රේක්ෂකයා ගීතය රසවිදනවා වෙනුවට රූප රචනය කෙරහි වැඩි අවධානයක් යොමු කරන අතර ඔවුන් ගීතෙය් අර්ථය ද රෑප රචනය අනුව තීරණය කරනු ලබයි. ඒ මගින් සිදු වී ඇත්තේ කලාක්මක හා ඉහළ රස වින්දනයක් පවතින ගීතයක් වුවද රූප රචනය ඔස්සේ කියවීම නිසා අරැත් සුන් වී යාමකි. තවද නිර්මාණකරැවන්ද වර්තමානෙය් රූප රචනය ගැන වැඩි අවධානයක් යොමු කරන ලබයි.

 ඔවුන් ගීතයක් නිකුත් කල පසු පවසන ද් සමග පැහැදිල එය පැහැදිලි වේ. ඒ නිසා සිදු වී ඇත්තේ සිංහල ගීත සාහිත්‍යය පිරිහීමකි. අර්ථවත් රූප රචනාවන් නිර්මාණය කරන්නේ නම් ඒය සිදු විය යුත්තකි. නමුත් සිදු වන්නේ එය නොවේ.  රූප රචනා සදහාම වූ මියුසික් විඩියෝ කලාවක් වර්තමානෙය් බිහි වී ඇත්තේ ද මේ නිසාවෙනි. තවද වර්තමානයේ සිදු වී ඇත්තේ ගීත සදහා සම්ම්මාන දීම වෙනුවට රුප රචනා සදහා සම්මාන දීම තවත් ඛේදවාචයකි.

                                                                                                          

                                                                                                   

Thursday, January 12, 2017

අසරණයා









කන්නට බොන්නට ඇත
ඉන්නට හිටින්නට ඇත
යන්නේ පාරේ බස් එකෙන්
නැත ඇත රැදි ස්මාර්ට්ෆෝන් එක
ගසා ගෙන නැත
ඇග පටලවාගෙන වයර් එක
කන්නේ කෙසෙල් කොලේ බත එක
හැම්බෙකන් අනේ නැත
වැඩ කරන්නේ රජයේ කන්තොරුවෙයි
නැත යන්නට ප්‍රයිවට් ෆර්ම් එකක්
අනේ ඔහු මේ කුරිරු සමාජයේ
අසරණයෙකි

නිමාවේවිද අරගලය






මිනිසුන් ඕනෑම දෙයක් දිනා ගන්න හරි කැමතියි. ඔවුන් ඒ දිනා ගන්න යන දේ මොනවා උනත් උත්සාහය අත්හරින්නේ නෑ. දෙයක් දිනා ගන්න නම් අරගල කරන්නම වෙනවා. ඇයි මේ අරගල කරන්නේ. උදාහරණයක් විදියට සමාජයේ සරල කාරණාවක් වන පෙම්වතෙක් තම පෙමව්තියේගේ ආදරය දිනා ගන්න ලොකු අරගලයක් කරනවා. ඒ වගේම ඇය ජිවන සහකාරිය කරගන්න,ඊටත් පස්සේ ජිවිත ගමන ගෙනියන්න ලොකු අරගලයක නිරත වෙනවා. එලෙස නොකරන්නේ කවුද? එය මුළු මහත් සමාජයටම පොදු වූ කාරණාවක්. මෙලෙස සාමාන්‍ය ජීවිතය ගෙනියන්න අරගල කරන පිරිස අතරේ යම් කිසි අරමුණක් වෙනුවෙන් එකට එකතු වෙලා අරගල කරන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස් සුවිසේශි අරමුණක් වෙනුවෙන් එය සාක්ෂාත් කරගන්න අරගලයේ නිරත වෙනවා. ඔවුන් එහිදී දිවි පරදුවට තියල අරගලයේ නිරත වෙන්නේ. එයයි ඔවුන්ගේ සුවිශේෂත්වය.ඔවුන් කිසිම බලවේගයකට නතර කරන්න බෑ. ඒ වුනත් ඕනෑම රටක රජය මේ පිරිස් මර්දනය කරනවා. මෙලෙස අරගල කොතෙකුත් රජය විසින් මර්දනය කරනු ලැබූ අවස්ථා අපි අහල දැකලා තියෙනවා.

ඒ මර්දනය හරි කුරිරුයි.දැඩියි. ඒ වුනත් අරගලය කරන්නෝ මේ සියල්ල දැනගෙන ඒ බරපතලකම ගැන අල්ප මාත්‍රයක් නොසිතා තම අරමුණ වෙනුවෙන් ඉදිරියට යනවා. අරගලය මානව සමාජයේ ආරම්භයේ සිට අද දක්වාම නිමාවට පත් නොවන අරගලයක් බවට පත් වී අවසන්.අරගලයේදී මිනිස්සු කෑ ගාසා දේවල් ටිකක් ඉල්ලනු ලබනවා. පාලන තන්ත්‍රය ඒ දෙස බල සිටිනවා. ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිනවා. විටෙක මර්දනය  ඉතා කුරිරැ ලෙස ඔවුන්ට හිමි කර දෙනවා. අරගලයේ නිරත වන්නන් කිසිම විටෙක මර්දනය නිසා පසු නොබසින  අතර තවත් දිනයක මහා මගට බැස කෑමොර නගයි. ඉතින් අරගලයේ නිමාවක් කෙලෙස සටහන් කල හැකිද?